කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මැතිඇමතිවරුන් ගැන තවදුරටත් දැන ගැනීමට තමා පසුපස පමණක් හඹා නොයා හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ, ඇමැති රවි කරුණානායක වැනි මහත්වරුනුත් විනය කමිටුව හමුවට ගෙන්වන ලෙස එජාප නායකයන්ගෙන් ඉල්ලා සිටින බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවසීය.
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මැතිඇමතිවරුන් ගැන සෙවීමට පත් කළ කමිටුවේද කොකේන් භාවිත කරන්නන් සිටින බව කී ඇමැතිවරයා ඒ පිළිබඳව අගමැතිවරයා දැනුවත් කළ බවත් මේ සිද්ධිය මුල් කර ගනිමින් තමා පමණක් දඬුකෙ`ද් ගැසීමට උත්සාහ දැරීම සාධාරණ නොවන බවද සඳහන් කළේය.
උසාවියට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කරණු දැක්වීම සඳහා ඊයේ (26දා) අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා එසේ කියා සිටියේය.
කොකේන් චෝදනාවෙන් නිදහස් වීමට අවශ්‍ය මැති ඇමැතීන් සිටීනම් තමා සහ බුද්ධික පතිරණ ඇමැතිවරයා මෙන් පරීක්ෂණයට මුහුණ දිය යුතු බවත් තමාට චෝදනා කරමින් සිටීම ඵලක් නොවන බවත් හෙතෙම කීවේය.
කොකේන් භාවිත කරන කැබිනට් ඇමැතිවරුන් සහ විවිධ දේශපාලකයන් සිටින බව තමාට ඔප්පු කර පෙන්විය හැකි නිසා තමා මෙම චෝදනාව කළ බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
කොකේන් භාවිත කළ පුද්ගලයන් තමුන්ගේ මාත‍්‍රාව ඇෙ`ගන් ඉවත් කර ගැනීම සඳහා මේ දිනවල තෙබු කොළ, කොතල හිඹුටු, තුඹ කරවිල, කොහොඹ යුෂ වැනි කසාය කල්ක භාවිත කරන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

