Featured News

Video Gossip

Advertisement

කෙරවලපිටිය මෙගා වොට් 300 LNG බලාගාර ටෙන්ඩරය සම්බන්ධව අද(21) උදෑසන විදුලි බල අමාත්‍යංශයේ විවෘත මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහිදී ඉංජිනේරුවරුන්ගේ කරුණු පැහැදිලි කිරීම් හමුවේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ යන මහත්වරුන් බරපතළ ලෙස අපහසුතාවයට පත් වූ බව වාර්තා වී තිබේ.

LNG බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබාදීම සදහා විදුලිබල අමාත්‍යංශය ගනු ලැබූ තීරණය සාධාරණීකරණය කිරීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණද ඊට සම්බන්ධවූ දේශීය සමාගමේ ඉංජිනේරුවරුන් විසින් තර්කානුකූලව අදහස් දක්වමින් මෙම ටෙන්ඩරය චීන සමාගමට ලබාදීම නිසා රුපියල් මිලියන 90,000 පාඩුවක් ඉදිරි වසර 20ක කාලය තුලදී සිදුවන බව පැහැදිලි කරන ලදි. 

මාධ්‍ය හමුව අතර ඇතිවූ සංවාදයේදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චේතාන්විතවම රජයේ ප්‍රසම්පාදන ක්‍රියාදාමය උල්ලංඝනය කිරීම සදහා කටයුතු කර ඇති බව හෙළිවූ අතර ලේකම්වරයා එම හේතුව නිසා දැඩි අපහසුතාවයට පත්විය. 

මෙම මාධ්‍ය හමුව සදහා ටෙන්ඩරය හිමිවූ ජී.සී.එල් සමාගමේ නියෝජිතයින්ද සහභාගී වූ අතර මාධ්‍යවේදියෙකු විසින් යොමු කල ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් එම සමාගමේ 70% අයිතිය චීනයට හිමි බව මාධ්‍ය හමුවේදී පිළිගනු ලැබීය. 

මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් විශයභාර අමාත්‍ය රවී කරුණානායක මහතාද නිවැරදි තොරතුරු දැනගනු ලැබුයේ ඒ මොහොතේ යැයි අමාත්‍යවරයාගේ හැසිරීමෙන් මාධ්‍යවේදීන්ට හැගීගිය බව වාර්තා වී ඇත. 

කෙසේ වෙතත් මෙම ටෙන්ඩරය වැඩි මිලක් ඉදිරිපත් කල චීන සමාගමට ලබාදීමට විදුලිබල අමාත්‍යංශය විසින් ගනු ලැබූ තීරණය වෙනස් කිරීමට මෙතෙක් තීරණය කර නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements