Featured News

Video Gossip

Advertisement

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.

ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන් පහ කිරිම මුල් කරගනිමින් ආයතනයේ අනෙක් සේවකයින් වැඩසටහන් නිෂ්පදනයෙන් ඉවත් වි සිටිම මෙයට හේතු වි ඇත.

එම ගැටලු විසඳා ගැනීම සඳහා පසුගියදා සේවකයින් එක්ව වෘත්තීය සමිතියක් පිහිටුවා ඇත. එක මෙරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක බිහි වූ ප්‍රථම වෘත්තීය සමිතිය වේ. එම වෘත්තීය සමිතිය ඊයෙ පැවැත්වූ සාමජික හමුවකින් අනතුරුව අද උදෑසන සේවකයින් 15දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ. ඒ අනූව උදෑසන සේවය වාර්තා කල සේවකයින් 15 දෙනෙකු හරවා යවා ඇති අතර එම හේතුවෙන් අද දින ස්වර්ණවාහිනී සජීවී උදෑසන වැඩසටහන් විකාශය සිදුනොවුනි.

ඒ අනුව මුදිත විජේසුන්දර, නදීක කරුණානායක ,ප්‍රසන්න සමරසේකර ,තිලිණි පෙරේරා ,නුවන් ජයවික්‍රම ,ජෝසප් බැසිල් රෝයි ,වසන්ත සිංහපුර ,රෝහණ විමලසිරි ,චන්දන සෙනෙවිරත්න ,අරුණ වාසුන්දර,ලලිත් වීරතුංග ,සුරාජ් ගමගේ ,අරුණ ඩයස් ,සම්පත් තිලකවික්‍රම ,නයන උජිත් යන සේවකයින්ගේ වැඩ තහනම් කොට ඇත. ඔවුන් අවුරුදු 10කට වැඩි කාලයක් ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කළ පුද්ගලයින් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වලට අනුව එම ආයතනය අලුතින් මිලදී ගත් දමිළ පාලනඅධිකාරිය විසින් සේවකයන් පාලනය කරගැනීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කිරීමට එරෙහිව මොවුන් මෙලෙස පෙළගැසී ඇති බවට වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අවස්ථා ගණනාවකදී EAP නාලිකාව විකිණීම පිලිබඳ විවේචනය කරනු ලැබුවා.ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඊයේ ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසද වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්ව තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements