Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම අධිවේගි මාර්ගය සම්බන්ධයෙන් පසුගිය දිනක ඉදිරිපත් කළ අදහස් සමඟ මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ මහනුවර දෙසට දිවෙන කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරිම ගැට`එකාරි තත්වයක් දක්වා වර්ධනය වී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා 2016 වර්ෂයේදි අනුමැතිය ලබාදී තිබුණි. 

එසේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරිම් ආරම්භ කිරිමට ලබාදුන් තීරණ අභියෝගයට ලක්කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 06වන දින කොලඹ පැවති උත්සවයකදි අදහස් දක්වන ලදී. 



එහිදි අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ මධ්‍යම අධිවේගි මාර්ගයේ නුවර දෙසට ඇති කොටස ඉදිකිරිමේදි කදු කැපිම නිසා විශාල පරිසර හානියක් සිදුවන බවත් එම නිසා අධිවේගි මාර්ගය ගලගෙදර දක්වා පමණක් ඉදිකර ඉතිරි කොටස මංතීරු දෙකක් සහිතව ඉදිකිරිම සිදුකළ යුතු බවයි. 

මීට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්  ''ඉවසුවා ඇති'' තේමාව යටතේ මහනුවර පැවති ජනරැළියකදි මධ්‍යම අධිවේගි මාර්ගය සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටියේ තමන් බලයේ සිටියානම් අදවන විට මහනුවරට අධිවේගි මාර්ගය ඉදිකර අවසන් බවයි.

කෙසේ වෙතත්  අප මේ සම්බන්ධව ඉදිකිරීම් සමාගම් ප්‍රධානියෙකුගෙන්  මෙම පලවන විවිධ මත සම්බන්ධයෙන් කළ අදහස් විමසීමකදි ඔහු ප්‍රකාශ කලේ මෙවන් අදහසක්. 

වර්තමානයේදි තමන් ඇතු`එ සිය`එ ඉදිකිරිම් සමාගම් මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සිදුකරන්නේ බලවත් චකිතයකින් බවත් රටේ රාජ්‍ය නායකයා රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යපෘතියක් සම්බන්ධයෙන් ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කරන විට ඊට මැදිවී තම සමාගම ඉදිකිරිම් කටයුතු ඉදිරියට සිදුකරන්නේ කෙසේදැයි එම ප්‍රධානියා අපෙන් විමසා සිටියේය. 

මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යපෘතිය යනු අප රටට අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යපෘතියකි. මෙමගින් දිස්ති්‍රක්ක 05 ක ජනතාවට ප්‍රතිලාභ හිමිවනු ඇත.  එනම් මහනුවර, කෑගල්ල,ගම්පහ, කුරුණැගල යනාදී  දිස්ත්‍රික්ක ඊට අයත්ය. මෙම මධ්‍යම අධිවේගි මාර්ගයේ වැදගත්කම අවශ්‍යතාවය මැනවින් වටහාගත් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියන් විසින් බලධාරින් හට අවධාරණය කර සිටියේ හැකි ඉක්මනින් මෙහි ඉදිකිරිම් කටයුතු නිමා කර ජනතා සුභසිද්ධිය උදෙසා පවරන ලෙසයි. 

මෙවන් තත්වයක් යටතේ අවසානයේදි දේශපාලන වාසි තකා කටයුතු කිරිම මගින් අපහසුතාවයට පත්වන්නේ රටේ සමස්ත පොදු ජනතාවයි.  වත්මන් දේශපාලඥයන්ගේ පක්ෂ දේශපාලනය නිසාත් බල තණ්හාව නිසාත්  රටේ සංවර්ධන ව්‍යාපෘති බිල්ලට තබා කටයුතු කිරිම මෙහි නවතම තත්වය වී තිබේ. එම නිසා ජනතාවගේ සුභසිද්ධිය පිළිබඳ සිතා කටයුතු කරන දේශපාලඥයින් මෙරට බිහිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. 

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook