Featured News

Video Gossip

Advertisement

බොරැල්ල අතුල දස්සන මධ්‍යස්ථානයේ  27  වෙනි වරටත් වාර්ෂික පාරමිතා පෙරහර අද රාත්‍රියේ  වීදි සංචාරය කරයි කරීමට නියමිතව ඇත.

1992 වර්ෂයේ මල්පෙරහැරක් ලෙස ආරම්භ වුණ මෙම පෙරහර කොළඹ පුරවරයේ බෞද්ධාලෝක මාවත ආලෝකවත් කරන අත්‍යලංකාර පෙරහරක් බවට පත්වී ඇත.

සම්‍යක් සම්බෝධිය ප්‍රත්‍යෙක සම්බෝධිය ශ්‍රාවක බෝධිය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ සසර දුකින් මිදී නිර්වාණබෝධය කළයුතුයැයි ථේරවාදී බුදුදහමෙහි ඉගැන්වේ. ඒ සඳහා පාරමී ධර්ම පුරණය කළයුතුය. පාරමි ධර්ම නම් බෝධිත්‍රය අතුරින් යම්කිසිවක් අරමුණු කොට නිර්වාණාවබෝධය ප්‍රාර්ථනා කරමින් ඇතිකරගන්නා කුශලධර්ම සමූහයකි. පාරමිතා ධර්මයන් බුද්ධකාරක ධර්ම යන නමද භාවිතා වේ. බුදුබව ලබා ගැනීමට උපයෝගි වන උතුම් ධර්ම නිසා බුද්ධකාරක ධර්ම නම් වේ.

එම පාරමිතා ධර්ම හෙවත් බුද්ධකාරක ධර්ම දහයකි. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එයයි. මෙම පාරමිතා පාරමි, උපපාරමී, පරමත්ථ පාරමි යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට බෙදේ. මේ අනුව එක පාරමිතාවක් කොටස් තුනකට බෙදී සමතිංසන් බවට පත්වේ.

පාරමිතා ධර්ම, බුද්ධකාරක ධර්ම යන නම්වලින් පමණක් නොව බෝධි සම්භාර ධර්ම, බුද්ධකාරක ධර්ම, බෝජ්ඣංග ධර්ම බෝධියාන පටිපත්ති, අග්ගයාන විශේෂණ නාමයන්ගෙන් ද හඳුන්වා ඇති බව පැහැදිලි වේ. මෙම පාරමිතා ධර්ම පූරණය කරනු ලබන උත්තමයන්ගේ නාමයෙන් තෙවැදෑරුම් වේ. සම්බුද්ධත්වය පිණිස පුරනු ලබන පාරමි මහබෝධි පාරමි යනුවෙන්ද, පසේ බුදුවරයන් වහන්සේලා පුරනු ලබන පාරමි පචේචේක බෝධි පාරමී යනුවෙන්ද, රහතන් වහන්සේලා පුරනු ලබන පාරමි ශ්‍රාවක බෝධි පාරමි යනුවෙන්ද හැඳින්වේ.

අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන පාරමිතා පෙරහර තුළින් අපගේ මනසට යොමු කරනු ලබන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජෝපහාර පිණිස මහාබෝධි පාරමිතා ධර්මයයි.

මෙවන් පරමෝත්කෘෂ්ට ධර්මයක යථාර්ථය සැදැහැවතුන්ගේ සිත්සතන් තුළ ජනිත කරවීමට මගපාදාදුන් මෙහි නිර්මාතෘවරයා බුද්ධශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම භාණක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස බොරැල්ලේ අතුල දස්සනාරාමාධිපති, බොරැල්ල චන්ද්‍රලේඛා මාවතේ භික්ෂූ ගිලාමෝපස්ථානාධිපති බොරැල්ලේ අතුල නාහිමියන් ය.

උන්වහන්සේ සුපේශල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි. උන්වහන්සේ දැනට වැඩසිටින අතුල දස්සනාරාමය සමාරම්භයේ මඩගොහොරුවක්ව පැවතුනත් වර්තමානයේ සියලු විහාරාංගයන්ගෙන් සමූපෙත දර්ශනීය පූජනීය ස්ථානයක් බවට පත්වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙනි. පාරමිතා පෙරහර හැරුණවිට උන්වහන්සේගේ සත්කාරියයන් අතර පන්සියයකට අධික දරු දැරියන් ධර්ම අධ්‍යාපනය ලබන ශ්‍රී ඤානාලංකාර ධර්ම විද්‍යාලය, උන්වහන්සේගේ ජන්ම දිනය අනුස්මරණය කරමින් වාර්ෂික ඓතිහාසික සෙංකඩගල පුරවරයෙහි ශ්‍රී දළදා මාලිගය ආශි‍්‍රත දාන ශාලයෙහි පැවැත්වෙන මහා සංඝගත දක්ෂිණාව ඇසළ මාසයේ පැවැත්වෙන වාර්ෂික නෙළුම්මල් පූජාව, දහම් අධ්‍යාපනය ලබන දරුවන් උදෙසා තමන් වහන්සේගේ ශක්තියෙන් අවශ්‍ය දේ ප්‍රදානය කිරීම ආදී ප්‍රජා සත්කාරයයන් රාශියක් සිදුවන බව අමතක කළ නොහැකිය.

උන්වහන්සේට මේ සියලු සද්කාර්යයන් මැනවින් ඉටුකිරීම සඳහා දායකකාරදීන් මෙන්ම බෝගහවැව රතන හිමි මෙන්ම ලන්ඩන් නුවර අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති වදුරඹ කස්සප මාහිමිපාණන් යන ප්‍රධාන ශිෂ්‍යවරයන් වහන්සේලා දෙනමද මහත් ශක්තියකි.

මෙම දසපාරමිතා පුජෝත්සවයට ප්‍රභූන් රාශියක් සහභාගිවන බවට වාර්තාවේ.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements