Advertisement

මතින් රිය පදවා අනතුරක් සිදුකිරීම හරහා ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කර ඇති බැවින් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්නට ඇමරිකානු ඩොලර් 7500ක දඩයක් නියම කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

බොරැල්ල, කිංසි හෝර්ටන් ප්‍රදේශයේ මාර්ග වර්ණ සංඥා නොතකමින් තම ජීප් රථය ධාවනය කර මාර්ගයේ ගමන්ගත් ත්‍රී රෝද රථයක් අනතුරට ලක්කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්න බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියට අදාල නඩුව විභාගයයට ගත් අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්න සාලිය අබේරත්න මහතා නියෝග කර සිටියේ දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසත් නුගේගොඩ ජාතික ප්‍රවාහන ප්‍රධාන වෛද්‍ය ආයතනය මගින් ලබාගත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්ය.

මෙහිදී දිමුත් කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා පවසා සිටියේ අගතියට පත් පාර්ශ්වය වෙත නව ත්‍රීරෝද රථයක් ප්‍රධානය කිරීමට තම සේවාදායකයා කටයුතු කරන බවය. ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා පවසා සිටියේ හානි පූර්ණයක් සිදුකරන්නේ නම් නඩුව සමතයකට පත් කිරීමට තම පාර්ශ්වය සූදානම් බවය. නඩුව කැඳවීම මැයි මස 2 වැනිදාට කල් තැබීය.

සිද්ධිය සම්බන්ධව ක්‍රීඩක දිමුත් කරුණාරත්න සිය ෆේස්බුක් ගිණුමේ පළකර ඇත්තේ සිද්ධිය කිසිවිටකත් සුළුකොට නොතකන බවත් සිදුවූ අතපසුවීම සම්බන්ධව කණගාටුව පලකරන අතර තුවාල ලත් ත්‍රීරෝද රථ රියදුරුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය. එසේම සියළු නීතිමය කටයුතුවලට ද සහය දක්වන බව ද දිමුත් කරුණාරත්න පවසා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements