Advertisement

ඩුබායි අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මධුෂ් එරට මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කැර ඇති බව එම කටයුතුවලට සම්බන්ධ වී සිටින මෙරට නිතිඥවරයකු පවසයි.

මධුෂ් මෙසේ එම අභියාචනය ඉදිරිපත් කැර ඇත්තේ එරටේ ඔහු පෙනි සිට ඇත්තේ පුද්ගලයන් විවිධ රැකියාවන්වලට යොදවන මෑන් පවර් ආයතනයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන බව සහ මධුෂ් ගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණයක් එම රටේ පවතින බවට තොරතුරු ඉදිරිපත් කරවමින් බවද වාර්තා වෙයි. මධුෂ් නැමැත්තා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණ ද ඔහුට එරටේ දි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ චෝදනා කිසිවක් මිට පෙර එල්ල වී නැති බවද පැවසේ. තමන් ලංකාවට පිටුවහල් කරනු ලැබුව හොත් තමන්ගේ ඩුබායි ඇති සියලු වත් කම් අහිමි වී යන බවත් තමන් එම වත් කම් සොයා ගෙන ඇත්තේ එරට ලියාපදිංචි ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් බවත් තව දුරටත් ඩුබායි රටට සේවය කිරීමට අවස්ථාව සළසා දෙන ලෙසත් ඇතුළු විවිධ කරුණු රාශියක් එම අභියාචනයෙන් ඉදිරිපත් කැර ඇති බවද පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements