Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.එසේම මෙම ප්‍රහාරය හමුවේ මේ වන විටත් රටේ ජනතාව විශාල භීතියකින් පසුවන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.කෙසේ වෙතත් ආරක්ෂක අංශ මේ වන විටත් රට පුරා දැවැන්ත පරීක්ෂණ මාලාවක් ආරම්භ කරමින් ත්‍රස්තවාදීන් අවසන් කර දැමීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී.

මේ අතර ජාතික තව්හිත් ජමාල් සංවිධානය මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා සෘජුවම සම්භන්ද බවට මේ වන විට සියලු තොරතුරු ලැබෙමින් ඇති අතර මෙම සංවිධානය ආරම්භ වීම හා එය මුල්කාලීනව පවත්වාගෙන ගිය ආකාරය සම්භන්දවද මේ වන විට විශාල පරීක්ෂණ රැසක් ආරම්භ වී ඇත.ඒ අනුව මෙම සංවිධානය 2009 වසරේදී මෙරට ආරම්භ කර ඇති බව මේ වන විට නිළ වශයෙන් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.එසේම එය ඉන්දියාවේ පිහිටි තව්හිත් ජමාල් සංවිධානයක අනුරුවක් ලෙසින් මෙරට ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මේ සම්භන්දයෙන් මනා අවබෝධයකින් කටයුතු කළ අතර 2012 වසරේදී ජාතික තව්හිත් ජමාල් සංවිධානය පුළුල් අන්දමින් මෙරට තුළ ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.කෙසේ නමුත් මෙම සංවිධානය මුල් කාලීනව මාධ්‍ය ඉදිරියේ පවා පෙනී සිටිමින් යම් යම් අදහස් දැක්වූ බවට වන වීඩියෝ සාක්ෂි මෙන්ම ඔවුන් විසින් එවකට පැවති රජයේ ඇමතිවරුන් වෙත නියම කුරාණය යනුවෙන් වන පොතක් පවා පිළිගන්වා ඇති බව මේ වන විට සාක්ෂි සහිතව සොයාගෙන තිබේ.


එසේම 2013 වසරේදී ජාතික තව්හිත් ජමාල් සංවිධානය IS ත්‍රස්තයින් සමග සම්භන්දකම් පවත්වන බවට විදෙස් බුද්ධි අංශයක් විසින් මුලින්ම හෙළි කර ඇති බවද මේ වන විට වාර්තා වී තිබේ.එසේ අදාළ සංවිධානය IS ත්‍රස්තයින් සමග සම්භන්දකම් පවත්වන බව ප්‍රකාශ වී තිබුණත් ඒ පිළිබඳව එවකට ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය කටයුතු නොකළ බව ඒ අනුව පැහැදිළි වෙමින් පවතී.එයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ මුස්ලිම් ජන්ද පදනම් බිඳ වැටේවි යන විශ්වාසය නිසා බවද මේ වන විට අනාවරණය වී ඇති බව රහස් තොරතුරු හරහා වාර්තා වී තිබේ.

මෙලෙස ජාතික තව්හිත් ජමාල් සංවිධානය සිය කටයුතු ආරම්භ කර ඇති අතර එවකට රජය විසින් බුද්ධි අංශ වලට ගෙවන වැටුප් ක්‍රමවේදය යටතේ මෙම සංවිධානයේ 26 දෙනෙකු හට වැටුප් ගෙවා ඇති බවද මේ වන විට සොයාගෙන තිබේ.මෙම තත්වය පිළිබඳව එවකට බෞද්ධ සංවිධාන රැසක් විශාල විරෝධයන් එල්ල කරත් එවකට නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළ විමල් විරවංශ පවා ඒ සඳහා බෞද්ධ සංවිධාන වලට දෝෂාරෝපණය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පවා මේ දින වල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.

මේ අනුව ජාතික තව්හිත් ජමාල් සංවිධානය රාජ්‍ය අනුග්‍රහය යටතේ මුල් කාලීනව රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කළ බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් වැටුප් ලබමින් කටයුතු කළ බව මනාව ඔප්පු වෙමින් තිබේ.එවැනි පසුබිමක හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම ප්‍රහාරයෙන් පසුව අන්තවාදී සංවිධාන තමා ජනාධිපතිවූ පසු තහනම් කරනවා යයි කීම කොතරම් නම් විහිලුවක්ද යන්න අපට ඇසීමට ඇති එකම ප්‍රශ්නයයි.

slstory




gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook