Advertisement

අන්තවාදිසංවිධානයක් වන තව්හිත් ජමාත් සංවිධානය විසින් ශ්‍රි ලංකාව තුළ සිදුකළ පළමුප්‍රහාරය ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදි සිදුකළ බවට වන තොරතුරු ආරක්ෂක අංශ මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඉකුත් පාස්කු ඉරිදා එල්ල වුමරාගෙනමැරෙනබෝම්බප්‍රහාරයසිදුකරන ලද තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්ගේ රියදුරා බව කියන පුද්ගලයා මේ බව අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සහරාන් හෂිම්ගේ රියදුරා කාත්තන්කුඩි ප්‍රදේශයේදි ඊයේ (27) ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදි මෙම සැකකරු හෙළිදරව් කර ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් මස 30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදි මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක රාත්‍රි සේවාමුරයේ සිටි සිංහල සහ දමිළ පොලිස් නිලධාරින් දෙදෙනෙක්ඝාතනය කරන ලද්දේ සහරාන් හෂිම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් බවයි.

එය ශ්‍රි ලංකාව තුල සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් තව්හිත් ජමාත් සංවිධානයේ පළමුප්‍රහාරය බව මෙහිදි ඔහු හෙළිකර සිටිය බවයි වාර්තා වන්නේ.

මේ වන විට අත් අඩංගුවේ පසුවන සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදුකරමින් පවතිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements