Advertisement

වනාතවිල්ලුව - මංගලපුර ප්‍රදේශයේ පොල් ඉඩමක වළ දමා තිබූ අවි ආයුධ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඊයේ (27) සවස සිදු කරන ලද කැණීම්වලදී මෙම අවි ආයුධ තොගය සොයා ගත්තා.

ටී.56 වර්ගයේ ගිනි අවියක්, මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 01 ක්, රිවෝල්වර් 01 ක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් 05 ක්, ජීව උණ්ඩ තොගයක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී සමත් වුණා.

කාන්තන්කුඩි ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් සහරාන්ගේ රියදුරුගෙන් සිදු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරක් මත මෙම ගිනි අවි සොයා ගැණුනා.

සොයා ගෙන ඇති ටී.56 ගිනි අවිය සහරාන් විසින් පාවිච්චි කළ එකක් බව අත්අඩංගුවේ පසුවන ඔහුගේ රියදුරු පවසා තිබෙනවා.

මෙම ගිනි අවිය සොයා ගන්නා ලද ඉඩමේ තිබී පසුගිය ජනවාරි මාසයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද හමු වූ අතර එම ඉඩම ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකයින්ව විවිධ කටයුතු සඳහා පුහුණු කරන ලද ස්ථානයක් බවට එම අවස්ථාවේදී අනාවරණය වී තිබුණා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

-ජූඞ් සමන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements