Advertisement

විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට හැකියාව ඇති බව ඔවුන් විසින් මේ වන විට ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටින බවයි.

එවැනි තත්ත්වයක් තුළ විදේශීය ඔත්තු සේවාවලට රට තුළ පැමිණ ප්‍රශ්නය තවදුරටත් අවුල් කිරීමට ඉඩ දීම බලවත් දේශපාලන වරදක් බව අදාළ ලිපියේ සඳහන්ය.

අයි.එස්. ත්‍රස්තවාදීන් ගෝලීය මට්ටමින් පෝෂණය කොට තම රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපාංගයක් ලෙස යොදාගන්නා ඔත්තු සේවාවලට ප්‍රශ්නය විසදිමට බාර දීම යනු “හොරාගේ අම්මාගෙන් පේන ඇසීම” වැනි ක්‍රියාවක් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලබයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements