Featured News

Video Gossip

Advertisement


“මේ රටේ තියෙන්නේ එක් නීතියයි. අරාබි භාෂාව, අරාබි නීති, ශරියා නීති මෙහේ බෑ. අරාබි අකුරු ගහපු පුවරු සියල්ලම ගලවා දමන්න රාජ්‍ය නිලධාරීන් වහාම කටයුතු කරන්න” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් සිදුකරන ලද දේශනයකදීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“නැඟෙනහිර පළාතේ ඇතැම් තැන්වල අරාබි අකුරු සඳහන් පුවරු තිබෙනවා කියා පැමිණිලි ලැබී තිබෙනවා. ඒ නිසා අගමැතිතුමාගේත්, ජනාධිපතිතුමාගේත් උපදෙස් මත අපි චක්‍රලේඛයක් නිකුත් කරනවා සියලුම ප්‍රධාන ලේකම්වරුන්ට, දිසාපතිවරුන්ට, ප්‍රදේශීය ලේකම්වරුන්ට සහ පළාත් පාලන ආයතනවලට අරාබි අකුරු සඳහන් සියලු පුවරු රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා ගලවා දමන්න කියා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාවිත කරන්න පුළුවන් භාෂා තුනයි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පමණයි. අරාබි භාෂාවෙන් පුවරු සවිකර තිබෙනවා නම් ඒවා ගලවා දැමිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුයි.

ඒ විතරක් නෙවෙයි මේ රටේ නීති දෙකක් තිබෙන්න බෑ. අපේ රටේ තියෙන්නේ එක නීතියයි. මොන ආගමිකයාට වුණත් ඒ නීතිය පමණයි. ශරියා නීතිය මෙහේ බෑ. ගල් ගහලා මරන ඒවා, බෙල්ල කපා මරන ඒවා මෙහේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අවාසනාවන්ත තත්ත්වයක් තිබුණා. 2010 සිට 2015 දක්වා මේ රටේ පාර්ලිමේන්තුවේ හදිසි පනත් කිහිපයක් සම්මත කරගෙන. මේ පනත් ඇතුලේ ශරියා නීතිය තිබෙනවා. ඇතැම් ගැසට් පවා නිකුත් කරලා තිබෙනවා. අපි දැන් රජයක් ලෙස මේ ගැසට් සියල්ල අවලංගු කරනවා. ඒ වැරදි විධියට සම්මත කරපු පනත් සියල්ල සංශෝධනය කරනවා. මේවා රජය කඩිනමින් කරන්න අවශ්‍ය පියවර ගන්නවා.”

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ කඩිමුඩියේ සම්මත කළ ඇතැම් පනත් අනුව යමින් රාජ්‍ය නොවන සංවිධාන ද ලියාපදිංචි කර තිබෙන බවයි. මේ සියල්ල ගැන නැවත සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත කටයුතු කරමින් තිබෙන බවත් නීතිය ආගම අනුව වෙනස් වන දෙයක් නොවන බවත් ආගම අනුව වෙනස් වන්නේ සංස්කෘතිය පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

නුවන් හෙට්ටිආරච්චි 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements