Advertisement


මුතුර් කිලිවෙඩ්ඩි මුත්තුමාරි අම්මාන් කෝවිලේ වසරක් පුරා ආවතේව කටයුතු කරමින් ව්‍යාජ නමකින් පෙනි සිටි මුස්ලිම් ජාතිකයෙකු ලබන ජුනි තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් මොහොමඞ් සම්සුදින් නියෝග කර තිබෙනවා.

මෙසේ බන්ධනාගාර ගත කෙරුණේ එරාවුර්කොට්ඨාස අංක එක ලිපිනයෙහි පදිංචි බුහාරි මොහොම්මදු ලාපිර් ඛාන් හෙවත් සිවා නැමැති හතලිස් එක් හැවිරිදි අයෙකි.

සැකකරු සතුව තිබු ශුද්ධවු කුරාණය පොත් තුනක්, ජංගම දුරකථනයක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අධිකරණයට ඉදිරිපත් කල එම ජංගම දුරකථනය තුල නවසීලන්ත මුස්ලිම් දේවස්ථානයට එල්ලවු ප්‍රහාරය දැක්වෙන විඩියෝවක්ද ISIS ත්‍රස්තවාදීන්ගේ දැක්වෙන විඩියෝවක් මෙන්ම මෙරට පසුගිය කාලය තුල ඇතිවු මුස්ලිම් සිංහල ගැටුම් වල විඩියෝ දර්ශනද ඇතැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළා.

ලක්මාල් කේ. බදුගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements