Featured News

Video Gossip

Advertisement

ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල්‍යය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැතිවුනේ අතිශය පුද්ගලික උත්සවයක් ලෙසිනි. මෙම උත්සවය ඉහළ උත්සවශ්‍රීයෙන් ෂැංග්‍රිලා හෝටලයේ පවත්වන්නට දින යොදාගෙන තිබුණත් බෝම්බ පිපුරුමත් සමග හෝටලය වසා දැමීම නිසා එම ස්ථානයේ විවාහ උත්සවය අවලංගු කර තිබුණි. 

එසේම එහි උත්සවශ්‍රීය මහින්දගේ චිචී මංගල්ලය මෙන් රටම කතාවෙන එකක් කරන්නට බැරිව ගියේ රටේ විශාල පිරිසක් මියගොස් ඛේදනීය පරිසරයක් නිර්මාණය වී තිබුණ පසුබිමක රට ඉදිරියේ ජනපතිගේ පුතා මංගල්ලයක් ගැනීම සංස්කෘතික වශයෙන් මෙන්ම සදාචාරාත්මක වශයෙන් නොගැළපෙන්නක් බව බොහෝ අය පෙන්වාදීම මතය. නමුත් මේ වසරේදී නැවත නැකත් ලබාගැනීම ගැටලුවක් බව කියැවුණ නිසා දෙපාර්ශ්වයේ සමීප හිතවතුන් පමණක් සහභාගී කරගෙන චාම් ලෙස මෙය පවත්වා තිබුණි.
ආරාධනා පත්‍ර ලබාදී තිබුණේ කලින් සකස් කළ ආරාධනා පත්‍රයේ තිබූ ෂැංග්‍රිලා යන්න කපා හැර එතැන හිල්ටන් යන්න ලියමිනි. ආරාධනා පත්‍ර යැවීමේදී කිසිදු දේශපාලනඥයෙක්ට එම ආරාධනා පත්‍ර නොයැවීමට මෛත්‍රී ඇතුළු පවු‍ලේ අය තීරණය කර තිබූ අතර මේ ආරාධනා පත් තමන් දන්නා හඳුනන අයට ලැබීමෙන් පසු දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා තමාට ඒවා ලබානොදුන් හේතුවද විමසා තිබූ බවක් වාර්තා විය.

මෙම මංගල්‍යයට අඩුතරමින් මහින්ද හෝ රනිල්ටද ආරාධනා ලැබී තිබුනේ නැත. ආරාධනා කර තිබුණ සියලු දෙනාම හෝටලය තුළට ගත්තේ දැඩි පරීක්ෂා කිරීම්වලින් පසුවය. කිසිම අයෙකුට ජංගම දුරකතන ශාලාව තුළට රැගෙනයාමට අවසර දුන්නේ නැත. ඒ නිසා වෙනදාට මඟුල් ගෙවල්වලදී ගන්නා  සෙල්ෆි ඡායාරූප කිසිවක් ප්‍රසිද්ධියට පත්වූයේ නැත. අඩුම තරමින් මෛත්‍රී තමන්ගේ මාධ්‍ය ඒකකයේ කැමරා කණ්ඩායමවත් එහි කැඳවාගෙන තිබුණේ නැත. ඒ ඔවුන් හරහා හෝ ඡායාරූප ප්‍රසිද්ධියට පත්වෙතැයි විශ්වාස කළ නිසාය. එහි සියලුම ඡායාරූප ගෙන තිබුණේ මංගල ඡායාරූප ශිල්පියා විසින් පමණි. ඒ නිසා මේ වන තෙක් විවාහ මංගල උත්සවයේ එකම ඡායාරූපයක්වත් ප්‍රසිද්ධියට පත්වූයේ නැත.

මංගල උත්සවයේ ‍පෝරුවේ චාරිත්‍ර සිදුකිරීමට තිබුණේ උදෑසන නවයයි තිස් පහටය. ‍පෝරුවේ චාරිත්‍ර අවසන්වූ වහාම මෛත්‍රී එතැන රැඳී සිටියේ නැත. එතැනින් පිටතට පැමිණි ඔහු ගියේ තවත් විවාහයක සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කිරීමටය. ඉන් පසුව කවුරුත් පුදුම කරමින් රදගුරුවරුන්ගේ සමුළුව පැවැත්වීමට තිබූ බොරැල්ලට ජනපති ගොස් තිබූ අතර මේ වෙලාවේත් පුතාගේ මංගල උත්සවය දැඩි ආරක්ෂක රැකවල් මැද හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබුණි.

මේ නිසා මාර්ග තදබදයක් ඇතිවූ බවට පසුව මාධ්‍ය වාර්තා පළව තිබුණි.
දහම් විවාහ වූයේ එල්කාඩෝ සමූහ ව්‍යාපාරයේ හිමිකරුගේ දියණිය සමගිනි. දහම් විදෙස්ගතව අධයාපනය ලබද්දී ඇතිවූ පෙම්සබඳතාවක් මෙලෙස ඵලදරා තිබුණි.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements