Featured News

Video Gossip

Advertisement

සයිප්‍රසයේ රැකියාවක නිරතව සිට ලංකාවට පැමිණි 24 හැවිරිදි තරුණයෙක් ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳ ඇති වූ ආරවුලක් මත පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොල්පිතිගම පොලිසිය ප්‍රකාශ කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ මාඑළිය, තම්ඹුව පදිංචිව සිටි රංජිත් මදුසංඛ රත්නායක නම් තරුණයෙකි. ඔහු පවුලේ සිටි එකම දරුවාද වේ. පසුගිය 20 වැනි දින රත්‍රි 8.00ට පමණ නිවෙස ඉදිරිපිටදී ඝාතනය සිදුවී ඇත.

මියගිය තරුණයා විදේශගත වීමට වසර කිහිපයක පෙර සිටම අසල්වැසි ඥාති තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් තරුණයා විදේශගත වු පසු ඔවුන් අතර නිතර ආරවුල් ඇති වූ බවත් ඔහුගේ මව වන ආර්. ඩී. මාලනී චන්ද්‍රලතා මහත්මිය පවසයි. 

එබැවින් කාලයක් ඔවුන් අතර දුරකථනයෙන් කතාබහක් සිදු නොවූ බවද මව පවසයි. ඔහු ලංකාවට පැමිණෙන බවට ලද ආරංචිය අනුව ඇය නැවත ඔහුට කතා කර ඇති අතර ඔහු ලංකාවට පැමිණි පසු ඔහු සමඟ නැවත සබඳතා ගොඩනඟාගෙන තිබේ. ඔවුන් අවුරුදු සමයේ ගමන් බිමන්වල පවා නිරත වූ බව තරුණයාගේ මව පවසයි. කෙසේ වෙතත් දින කිහිපයකට පසුව තරුණිය නැවත ඔහුට පවසා ඇත්තේ තමන් අමතක කරන ලෙසයි.

මේ හේතුවෙන් ඔහු බෙහෙවින් සන්තාපයට පත්ව ඇති අතර ඔහු ඝාතනය වූ 20 වැනි දින දවස පුරා බෙහෙවින් කලබලකාරී ලෙස හැසිරී ඇතැයි කියති. එදින රාත්‍රි 7.00ට පමණ ඔහුට පිහි පහර එල්ල කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ පුත්‍රයකු ඔහුගේ නිවෙස ඉදිරියෙන් යතුරුපැදියකින් යමින් සිටියදී එය නවතා උඹේ තාත්තත් මේකට සම්බන්ධයි කියමින් එම තරුණයාට පහරක් එල්ල කර ඇති අතර එම තරුණයා තම නිවෙසට ගොස් ඒ බව සිය පියාට දන්වා ඇත.

ඉන් කෝපයට පත් එම තරුණයාගේ පියා එම තරුණයා හා පෙම්වතියගේ බාල සොහොයුරාද සමඟ මෙම නිවෙසට පැමිණ මියගිය තරුණයාට පිහි පහර 4ක් එල්ල කර ඇති අතර මියගිය තරුණයාගේ පියාටද පහරදී ඇත. තුවාල ලද තරුණයා වහාම රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිට ඇත.

මරණය පිළිබඳ සැක පිට මියගිය තරුණයාට ඥාතිත්වයෙන් බාප්පා කෙනකුද වන ඔහුගේ පුත්‍රයකු වන 18 හැවිරිදි උදාර ප්‍රේමරත්න හා පෙම්වතියගේ බාල සොයුරා බව කියන ධනුෂ්ක සුරංග හෙවත් සුද්දා යන අය අත්අඩංගුවට ගෙන මහව මහෙස්ත්‍රාත් මල්ලවආරච්චි මහතා වෙත ඉදිරිපත් කළ පසු රක්‍ෂිත බන්ධනාගාරගත කළ බව පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.ඩබ්.ඩබ්.එම්.ආර්.ටී.පී. හලන්ගොඩ මහතා පවසයි.

සිද්ධිය පිළිබඳ පොල්පිතිගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. කේ.එම්. හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

හිරියාල - කේ.පී. සුනිල්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements