Featured News

Video Gossip

Advertisement

පසුගිය දින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පැවැත්වූ උපවාසයේදි ඒ හිමියන්ගේ සුවදුක් බැලීමට කොළඹ රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද පැමිණියා. කෙසේ වෙතත් මෙහිදී කාදිනල්තුමන්ට අමාත්‍ය මංගල සමරවීරගෙන් එල්ල වූයේ දැඩි ප්‍රහාරයක්. මංගල සමරවීර අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපය හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කර තිබෙනවා.

පාස්කු ඉරිදා සිදුවිමෙන් පසු රට සන්සුන් කිරීමට පුරෝගාමී වූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට මඩ ප‍්‍රහාර දියත් කිරීමට ක‍්‍රියා කළ මංගල සමරවීර ඇමැතිවරයා වහාම කාදිනල්තුමාගෙන් සමාව ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක, මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යයට පවසනවා.

මහනුවර දළදා මාලිගාව අබියසදී මාරාන්තික උපවාසයක යෙදුණු අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් බැලීමට ගිය කාදිනල්තුමාට මඩ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ රටේ බහුතර ජනතාව උන්වහන්සේ ගත් ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයන් අගය කිරීම නිසා ආණ්ඩුවේ තත්ත්වය කාට කාටත් පැහැදිලි වීම හේතුවෙන් බවද මෙවැනි ආගමික නායකයන් මේ ආකාරයට හෑල්ලූ කිරීම තුළින් ආණ්ඩුව තව තවත් පරිහානියට පත්වන බවද විපක්ෂ නායකවරයා පවසනවා.

මෙම තත්ත්වය මත මංගල ඇමැතිවරයාගේ මෙම ක‍්‍රියා කලාපය මුළුමහත් ජනතාවම හෙළා දකින අතර මංගල ඇමැතිවරයා කාදිනල්තුමාගෙන් සමාව ගත යුතු යැයි ද වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසා තිබුනා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements