Featured News

Video Gossip

Advertisement

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ආරාධනය මත එක් දින නිල සංචාරයක් සඳහා ඊයේ (09දා) පෙරවරුවේ මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුලින්ම පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට ලක්වූ කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගොස් එම ප‍්‍රහාරයන්ට ලක්වී මියගිය පිරිස සිහි කරමින් උපහාර දැක්වීය. මිය ගිය පිරිස සිහි කරමින් සුදු මල් පොකුරක්ද තැබීමට මෝදි මහතා කටයුතු කළේය. 

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ උපහාර දැක්වීමෙන් අනතුරුව මෝදි මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ ශ‍්‍රී ලංකාව යළි නැගී සිටින බවත්, නිවට ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් ශ‍්‍රී ලාංකීය ජනතාවගේ ජීව ගුණය පරාජය කළ නොහැකි බවත්ය. එමෙන්ම ඉන්දියාව සැමවිටම ශ‍්‍රී ලංකාව වෙත සිය සුහදත්වය දිගු කරන බවද එහි සඳහන් විය.

ඉන්දීය අගමැතිවරයා ශාන්ත අන්තෝනි දේවස්ථානයේ උපහාර දැක්වීමට පැමිණි අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ද, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එහිදී පල්ලිය ප‍්‍රහාරයට ලක්ව තිබූ ආකාරය පිළිබඳව සකසා තිබූ විස්තර ඇතුළත් ඡුායාරූපද ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ අවධානයට ලක්විය. ඉන්දීය අගමැතිවරයා සමග ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෙවොල් මහතාද සිටිනු දක්නට ලැබිණි.

ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ. අයි. -001 දරන දරන ගුවන් යානයෙන් මෝදි අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇති අතර, එතුමා පිළිගැනීම සඳහා ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ධූත ඊයේ පෙරවරු 11 වන විට මෙරටට ළඟා වූහ. මෝදි අගමැතිවරයා සිය මාලදිවයින් සංචාරය අවසන් කරමින් මෙරටට පැමිණියේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි.

ඉන්දීය අගමැති මෝදි මහතාගේ අමතර ආරක්ෂාව සඳහා තවත් ගුවන් යානයක්ද අග‍්‍රාමාත්‍යවරයා ගමන් ගත් ගුවන් යානය අසලින්ම ගමන් කළේය.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සමග 59 ක ධූත පිරිසක් පැමිණ සිටි අතර ගුවන් යානා දෙකේ කාර්ය මණ්ඩලය 16 දෙනෙක්ද වූහ. පස්වරු 3.00 ට ඔහු සිය සංචාරය අවසන් කර යළි ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබිණි.

චතුර පමුණුව

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements