Advertisement

සිරස මාධ්‍ය නාලිකාව සහ එහි සභාපති කිලී මහරාජා කාලයක් තිස්සේ සෑම පක්ෂයකම එක් එක් නියෝජිතයන් අල්ලා ගනිමින් ඔවුන්ට වැඩි ඉඩකඩක් සිය නාලිකාව තුළ ලබාදෙමින් ඒ හරහා එම පක්ෂවල පාලනය සියතට ගැනීමට කටයුතු කරමින් සිටින බව දේශපාලන කේෂ්ත‍්‍රයේ ප‍්‍රසිද්ධ රහසකි. ඒ ආකාරයට සිරසේ ප‍්‍රචාරයට රහ වැටී සිරස පිටුපස දිවූ බොහෝ දේශපාලකඥයන්ගේ වෘත්තීමය ජීවිතය අවසන් වූයේ දේශපාලන කනත්තෙන් බවද කේෂ්ත‍්‍රයේ ප‍්‍රසිද්ධ රහසකි.

ඒ නිසාම සිරසටත් මහරාජාටත් හරිහමන් බලයක් නොලැබුණු අතර මේ නිසාම පසුගිය කාල සීමාව පුරා සිරසත් මහරාජාත් කටයුතු කළේ මාධ්‍ය සදාචාරයන් පවා ඉක්මවා යමින් ඉතා තුට්ටු දෙකේ වියරු මාධ්‍යකරණයක නියැලෙමින් තෝරාගත් ප‍්‍රබල දේශපාලන චරිත කිහිපයකට පහර දීමය. ඒ අනුව සිරසේ මාධ්‍ය කලාව කොතරම් පහත් අඩියකට වැටුණාද කියනවා නම් ප‍්‍රවෘත්ති විකාශය අතරතුරදී පවා සජීවීව වෙනත් නිවේදකයන් පැමිණ ඇතැම් දේශපාලකයන්ගේ නම් ගම් කියමින් හතර අතේ පහර එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය.

සදාචාරසම්පන්න බව?

එමෙන්ම කාලයක් තිස්සේ සිරස සහ මහරාජා එජාපයේ නායකත්වය විවේචනය කරන මාධ්‍යකරණයක නිරත වෙමින් සිටියේය. වෙනකක් තියා එජාප නායකයා සමඟ සිටින මැති ඇමැතිවරුන් පවා දැඩි විවේචනයට ලක්කිරීමට සිරස කටයුතු කළේය.

තම අරමුණු ඉටුකර ගැනීමට බාධා වන එජාප නායකයන් ඉලක්ක කර අභූත චෝදනා එල්ල කළේය. මෙහි අලූත්ම ගොදුර බවට පත්ව තිබුණේ පාඨලී චම්පික රණවකය. මුලින්ම සිරස සහ මහරාජා බැලූවේ චම්පිකටද මාධ්‍ය ප‍්‍රචාරයක් ලබාදී ඔහුව තමන්ගේ ගොඩට දමාගැනීමටය. නමුත් එය බැරි වන විට සිරස කළේ චම්පිකට පන්න පන්නා පහරදීමය.

ඒ අයුරින් සිරස චම්පිකට කෙතරම් අභූත චෝදනා නඟමින් පහර දුන්නාද කියනවා නම් ඒ කරුණු සම්බන්ධයෙන් නිවැරදි කිරීම් සිදුකරමින් නිවේදන පිට නිවේදන සිරසට යවනු ලැබුවද ඒ කිසිදු නිවැරදි කිරීමක් අවම වශයෙන් තම නාලිකාවේ පලකිරීමටවත් සදාචාරසම්පන්න බවක් සිරසෙන් දැකගන්නට ලැබුණේ නැත.

මහරාජාට මාව නටවන්න බෑ!

මේ සම්බන්ධයෙන් චම්පිකගේ හිතවතුන් චම්පිකට කියද්දී චම්පික ඔවුන්ට කියා සිටියේ ”මහරාජාගේ සල්ලිවලටවත්, ටීවී චැනල්වලටවත් අනෙක් අය නටවනවා වගේ මාව නටවන්න බෑ.එයාට ඕනෙ කරන නායකයො ගේන්න අපි ඉඩ තියන්නෙත් නෑ. අපි මහරාජාට කියන්නෙ මෙච්චරයි. ලැජ්ජ නැති මාධ්‍යකරණයක නිරත වෙන්න එපා කියල විතරයි. අපි ඉල්ලන්නෙ සදාචාරයක් ඇතිව මාධ්‍ය හසුරුවන්න කියල විතරයි” යැයි කියාය.

කෙසේ වෙතත් මේ ආකාරයට සිරස චම්පිකව ඉලක්ක කර අභූත චෝදනා එල්ල කළද පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් චම්පිකට විශේෂ සම්මාන දෙකක් ලැබිණි. සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයකු කුමක් කළද විපක්ෂය එය හාස්‍යයෙන් යුතුව විවේචනයට ලක්කිරීම සාමාන්‍ය සිදුවීමක් වුවද පසුගිය සතියේ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් පෝලිමේ ඇවිත් චම්පිකට ප‍්‍රශංසා කරන ආකාරයක් දැකගන්නට හැකි විය. 

එහිදී පළමුවෙන්ම චම්පිකව පාර්ලිමේන්තුවේදී අගය කළේ වාසුදේව නානායක්කාරය. එහිදී වාසුදේව කියා සිටියේ මෙතෙක් පාඩු ලැබූ රාජ්‍ය ආයතන ලාභ ලබන තැනට ගෙන ඒම හරහා චම්පික රටට විශාල ජයග‍්‍රහණයක් ළඟාකර දුන්නා යැයි කියාය. එමෙන්ම සරත් අමුණුගම කියා සිටියේ මෙම රජයේ සිටින වඩාත් කාර්යක්ෂම අමාත්‍යවරයා චම්පික රණවක බවත්, එය අප අවංකවම පිළිගත යුතු බවත්ය. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.සී. මුතුකුමාරණ පෙන්වා දුන්නේ ඇමැති චම්පික වෘත්තියෙන් ඉන්ජිනේරුවකු වීම රටේ ඉදිරි ගමනට විශාල පන්නරයක් යැයි කියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements