Advertisement

ශ්‍රීලනිපයේ අපට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්නා බව රටට කියන වීරකුමාර දිසානායක නියෝජනය කරන්නේ කුමන පක්‌ෂය දැයි තමන්ට ප්‍රශ්නයක්‌ බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

අපට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමට පෙර වීරකුමාර මන්ත්‍රීවරයා ඔහු මීට පෙර නියෝජනය කළ ජාතික නිදහස්‌ පෙරමුණෙන් ඔහුට එල්ල වී ඇති විනය චෝදනාවලට පිළිතුරු ලබාදිය යුතුයි යෑයි ද ඩිලාන් පෙරේරා මහතා කීය.

පක්‌ෂයක්‌, පාටක්‌ නැති මන්ත්‍රීවරුන් තමන්ට විරුද්ධව මෙසේ ප්‍රකාශ කිරීම විහිළුවක්‌ බවත් තමන් පොහොට්‌ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමත් පොහොට්‌ටු වේදිකාවට නැඟීමත් වීරකුමාරට ප්‍රශ්නයක්‌ වෙන්නේ කෙසේදැයි ද යන්න ගැටලුවක්‌ බවත් මන්ත්‍රීවරයා කීවේය.

ශ්‍රීලනිපය මහ ලේකම් ද, එජනිස මහ ලේකම් ද ගෝඨාභය රාජපක්‌ෂ මහතා සමඟ සන්ධානගත වීමට සාකච්ඡා කරනවා නම් තමන් පොහොට්‌ටුවේ වේදිකාවට නැඟීම කුමන වරදක්‌ යටතට ගැනෙන්නේ දැයි ප්‍රශ්නයක්‌ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුqණේ සාමාජිකත්වය ලබා ගත් එස්‌.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට සහ පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවට ශ්‍රීලනිප නව මාධ්‍ය ප්‍රකාශ වීරකුමාර දිසානායක මහතා පෙරේදා (29 වැනිදා) කර තිබූ ප්‍රකාශය පිළිබඳව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගෙන් දිවයින පුවත්ක පත කළ විමසීමකදී මේ බව පවසා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements