Featured News

Video Gossip

Advertisement

තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කළා සේම තමන්ද ජනතාව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට වුවද සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. බදුල්ල වීල්ස් පාර්ක් පිටියේ ඊයේ (12 දා) සවස පැවැති පිළිගැනීමේ උත්සවය අමතමින් ඇමැතිවරයා මේ බව කීය. 

දසරාජ ධර්මය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය පාලනය ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බවත් මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ තරුණ ජවය මුල් කරගත් නවීන ආර්ථික ක‍්‍රමයක් රට තුළ බිහි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවය. ඒ සඳහා කළ යුතු නව සංවර්ධන වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ත‍්‍රස්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් ඔවුන් සියලූ දෙනා විනාශ කරන බවත් පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ත‍්‍රස්තවාදය ඇති කරන ප‍්‍රධාන කි‍්‍රයාකරුවන් කවුරුන්ද යන්න සොයා ගත යුතු බවයි. කිසිදු අවස්ථාවක මාතෘ භූමිය කොටස් කරන්නට ඉඩ නොදෙන බවත් සැබෑ දේශපේ‍්‍රමීන් ඇති කරමින් රට ගොඩනගන්නට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

යම්කිසි ගිවිසුමකින් රටට සෙතක් වන්නේ නම් එම ගිවිසුම අත්සන් කළ යුතු බවත් නමුත් රටට අහිතකර ආරක්‍ෂක, වෙළෙඳ, දේශපාලන ගිවිසුමක් අත්සන් නොකරන බවටද ඔහු පොරොන්දු විය. රට සංවර්ධනය කිරීමට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනතාවගේ සහයෝගයෙන් එළඹෙන නොවැම්බර් මාසයේදී තමන් යා යුතු ඉහළම තැනට යන බවද අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේය.

අජිත් පී. පෙරේරා, චන්ද්‍රානි බණ්ඩාර, රවීන්‍ද්‍ර සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, වඩිවේල් සුරේෂ්, සුජීව සේනසිංහ, හරීන් ප‍්‍රනාන්දු, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න ඇතුළු එජාප මැති ඇමැතිවරුන් රැසක් මෙම වේදිකාවට එක් වූහ.

බදුල්ල - එස්. රත්නායක



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements