Featured News

Video Gossip

Advertisement

ඇමැති සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ රාජාලියා ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.


එවක එ.ජා.ප. නායකයාව සිටි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම පිළිබඳව එජාපයෙන් නෙරපා දැමූ ලලිත් ඇතුලත් මුදලි හා ගාමිණි දිසානායක යන අය විසින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එජාපයට එරෙහිව දේශපාලන පක්ෂයක් ලෙස එවකට ලියාපදිංචි කරන ලදී.

එම පෙරමුණේ වත්මන් නායක ආරියවංශ දිසානායක සමග ඇමැති සජිත් ප්‍රේමදාසට හිතවත් එජාප ප්රබලයන් කිහිපදෙනකුම සාකච්ඡාවට ගණනාවක්ම සිදුකොට ඇති බවද වාර්තා වේ.

රාජ්‍ය ඇමැති දිලීප් වෙදආරච්චි ප්‍රකාශ කළේ ඇමැති සජිත් ප්‍රේමදාසට එ.ජා.ප. ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ලියාපදිංචි වෙනත් දේශපාලන පක්ෂයකින් ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා මේ වන විට සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements