Featured News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ භාවිතයට අලුත්වැඩියා කළ නිල නිවාස මන්ත්‍රීවරුන්ගේ භාවිතයට ගැනීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ.

කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයට යාබදව තිබූ කළමනාකරුවන්ගේ නිල නිවාස මෙසේ අලුත්වැඩියා කර පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට භාවිතයට ලබා දීමට සැලසුම් කර තිබිණ.

මීට පෙර ශ්‍රාවස්තිය මන්ත්‍රීවරුන්ගේ නිල නිවස ලෙස පාවිච්චි කළ අතර පසුව කෝට්ටේ මාදිවෙලට මන්ත්‍රී නිල නිවාස වෙත රැගෙන යාමෙන් හිස් වූ ශ්‍රාවස්තියට බස්නාහිර පළාත් සභාව රැගෙන ගියේය. ඒ අනුව එම ගොඩනැගිලි ද මේ වන විට හිස්ව ඇත.

මෙතෙක් කලක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙකුට නිල නිවාසයක් නොමැති වූ තත්ත්වයක් මත රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කර එය අතහැර දමා තිබූ කළමනාකාර නිල නිවස අලුත් වැඩියා කර ඇත.

හිස්ව ඇති ශ්‍රාවස්ති මන්දිරය යළි මන්ත්‍රීවරුන්ගේ නිල නිවස ලෙස ලබා ගැනීම සඳහා ඒ පිළිබඳ සොයා බැලීමට ගිය මන්ත්‍රීවරුන් පිරිසක් එහි පිටුපස ඇති අලුත්වැඩියා කළ මහ ලේකම්වරයාගේ නිල නිවස දැක එය මන්ත්‍රීවරුන්ට ලබා ගත යුතු බවට යෝජනා කර තිබේ. ඒ අනුව එය නියෝජ්‍ය කථානායකවරයාට වෙන් කිරීමට යෝජනා කර ඇත.

චමින්ද සේනාරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements