Featured News

Video Gossip

Advertisement

මුලතිව් ගුරුකන්ද පුරාණරජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය පිළිබඳ මුලතිව් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන් ආදාහන පූජොත්සවය විහාර භූමියේම සිදුකිරීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් පියවර ගත් බවට ගුරුකන්ද දායකසභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා පැවසුවේය.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිළකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවටයි.

නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්‍රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටියි.

කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපවත්වන ලදි.

එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්‍රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන ඇත.

එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් පවසා සිටියේ,

‘‘රජයක් තිබුනේන ම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ මිනිස්සු මේ නීතිය අතට ගන්නේ නෑනෙ එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක නොවීමේ විපාක මේ ඕන ඕන විදිහට මේ ඡන්ද දෙමළ ජාතක සන්ධානයේ ඡන්ද බලාගෙන මේ ඉන්න අගමැති පිස්සු වැඩක් මේ කරන්නේ ඒකෙන් අන්තිමට ගැටුම් ඇති කරගන්නේ මේ මිනිස්සු ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. යනුවෙනි.

නමුත් එයට විරෝධය පෑ හින්දු කොවිල් සංගමය හා ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නඩු තීන්දුව නොසලකමින් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements