Featured News

Video Gossip

Advertisement

“මගේ දෑත්වල හොරකම තැවරිලා නෑ. මගේ දෑත්වල ලේ තැවරිලා නෑ. මගේ දෑත් පිරිසිදුයි”

මේ අදහස් පළ කළේ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා අද කුරුණෑගල පැවති රැළිය අමතමිනි.

ජනතාව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේ, ඉදිරියේදී සාමාන්‍ය ජනතාවගේ ආණ්ඩුවක් බිහි කරන බව ය.

“මම උදේ 4.00ට නැගිටලා රෑ 12.00ට තමයි සංවර්ධන වැඩ කටයුතු අවසන් කරන්නේ”

තමාට වැඩියෙන් මඩ ගහන කොට අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන බව ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේ ය.

සෑම ගම්මානයකම ජනාධිපති කාර්ය සාධක බලකායන් නිර්මාණය කොට ගම්වල ඇති ප්‍රශ්න විසඳීමට තමා කටයුතු කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කරුණෑගල රැළිය අමතමින් කියා සිටියේය.

තමාගේ පවුල් බලය මේ රටේ පුරවැසි බලය බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ජනතාව හමුවේ සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාගේ, කථානායකවරයාගේ හා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් රට ගොඩ නැගීම සඳහා පක්ෂය තමාට භාර දෙයි යන විශ්වාසය ඇති බව ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements