Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා සභාපති වරයෙකු ඇතුළු හත්දෙනෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකි.

සභාපතිවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේ සාදයක් සඳහා ගොස් එමින් සිටියදී රත්නපුර නගරයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් පිරිසකට අසභ්‍ය වචනයෙන් බැන හූ කීවේ යැයි කළ පැමිණිල්ලක් මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුර නගරයට පැමිණීමට පෙරාතුව නගරයේ සැරසිලි කරමින් සිටි අවස්ථාවේ මෙම පිරිසට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණේ යැයි ඔවුන් පැමිණිලි කර ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආධාරකරුවන් විසින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසට පහර දීමක් ද සිදු කර ඇත.

පසුව පොලිසියේ දී දෙපිරිසම සමාදාන වී වීමත් සමග අත්අඩංගුවට ගත් පිරිස මුදා හැර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements