Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂය තුළ වසර ගණනාවක් පටන් පැවති අභ්‍යන්තර අර්බුදය ඉදිරි ජනාධිපතිවරණයද පාදක කරගනිමින් මේ වනිවට උච්චතම ස්ථානයකට පැමිණ ඇති අතර එය සමන කර ගැනීමට පක්ෂ ජ්‍යෙෂ්ඨන්ගේ උපදෙස් මත එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ (08) දින අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව ඊයේ දින පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගගව ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ අදාළ සාකච්ඡාව අද දින නොපවත්වා ලබන අගහරුවාදා දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර වාර්තා වන්නේ එම පක්ෂයේ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළින් යොදාගෙන ඇති විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් එම සාකච්ඡාව කල්දමා ඇති බවය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදසා මහතා අතර සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements