Advertisement

මෙවර ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ සජිත් ප්‍රේමදාසට ද? ගෝඨාබය රාජපක්ෂට ද? යන කාරණය සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ උණුසුම් සංවාදයක් මතුව ඇතිබව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මේ වනවිට රාජපක්ෂවරුන් සමග පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ සිටියද මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය දියයුතු බවට එම පක්ෂයේ අභ්‍යන්තරයෙන් ඔහුට දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

තම පක්ෂය විසින් හඳුනාගෙන ඇති වතුකරයට බලපා කරුණු 32ක් සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස සහ ගෝඨාබය රාජක්ෂ සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පවසයි.


එහිදී ලැබුන ප්‍රතිචාර සලකා බලා ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය මෙම සතියේදී ප්‍රකාශ කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements