Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වත්මන් ආණ්ඩුව ගෙවී ගිය වසර හතරහමාර පුරාම සිදු කළේ දෙමළ - මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දීම බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දමිළ මුස්ලිම් ජනතාව අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් පෙන්වා දෙන ජා.නි.පෙ. නායක විමල් වීරවංශ තමන්ගේ කඩෙන් බඩු මිලදී ගැනීමට එන සිංහල මිනිසකු වෙසෙන සුරක්ෂිත රටක් වුවමනා නම් එවැනි රටක් හැදීමට හැකියාව ඇති ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයේදී දිනවීමට පෙරට එන ලෙස මෙරට සාමයට ළැදී මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ මහතා මෙසේ පැවැසුවේ පිළියන්දල නගර ශාලාවේදී පැවැති ‘රකින්නට මවුබිම එකතු වන ජනපවුර’ ජන හමුවෙහි විශේෂ දේශනය සිදු කරමිනි.
එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

ගෙවී ගිය වසර හතරහමාර තුළ මේ රටට බොහෝ දේ අහිමි වුණා. ප්‍රධානම දේ තමයි ජාතික ආරක්ෂාව අහිමි වීම. පසුගිය අප්‍රේල් විසි එක් වැනිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර සමඟ 400කට පමණ දිවි අහිමි වූවා පමණක් නොවෙයි ජාතික ආරක්ෂාව අහිමිව බියෙන් සලිත වූ ජනතාවක් වෙසෙන රටක් බවට මේ රට පත් වුණා.

සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වය ඉල්ලලා රට වටේ යනවා. පව් අසරණයා. ඒ යන ගමන් කියනවා. ‘මම යන්නේ මගේ පියාණෝ ගිය මඟ’ කියලා. ‘පියාණෝ’ ගිය මඟ අවසන් කළේ මේ රටේ තරුණ තරුණියෝ 60,000ක් බිල්ලට අරන්. ඒ විදියට 60,000ක් බිල්ලට ගත්තු - කොටින්ට ආයුධ දීපු ‘පියාණෝ’ ගිය මඟ යන ‘පුතාණෝ’ අද තමන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගන්න මධ්‍යම සංස්කෘතික අරමුදල යොදා ගනිමින් සිටිනවා. චම්පික රණවක එයාට විතරක් ‘ඉන්න හිතෙන රටක්’ හදන්න යනවා. කොළඹ නගරය කුණුවලින් කුණු වෙද්දී ‘මහ නගර සංකල්ප’ ගැන පොර ටෝක් දෙන එයාත් දැන් ‘ජනාධිපති අපේක්ෂක ඇඳුම’ මහනවා. රාජිත ‘ඇඳුම’ මහලා බලා ඉන්නවා. එජාප අපේක්ෂකයාට ‘බාලගිරි දෝෂය’ වැලඳිලා.අනුර දිසානායක මහත්තයත් 2010දී සහ 2015දී එජාපයට සහාය දීලා. දැන් ගෝඨාභය රාජපක්ෂයන් නම් කළා කියපු ගමන්, ගෝල්ෆේස් පිට්ටනියේදී ‘මාර අත වැනිල්ලක්’ වනාගෙන ඇවිත්, මොකක්ද නමක් දාපු සංවිධානයක අපේක්ෂකයා වුණා. මෙයා ආවේ, 2015දී හංසයාට කතිරය ගහලා දැන් කලකිරී සිටින පිරිස් ගෝඨාභය මහත්තයාට ඡන්දය දීමට යන එක වළක්වාගන්නයි. ගෝඨාභය රාජපක්ෂයන් දෙසට යන පාර මැදින් ‘පුංචි අගලක්’ කපා ගන්නයි. මේ හාදයා හදන්නේ.

‘ගෝඨාභය රාජපක්ෂයන් දිනවිය යුත්තේ ඇයි?’ කියන පැනයට තවමත් උත්තර නැති අය ඉන්න පුළුවන්. ඒ අයට මගේ පිළිතුර මේකයි. අපේ ජීවිත කාලයේ දැකපු ලොකුම කර්තව්‍යය ඉටු කළේ ගෝඨාභය රාජපක්ෂයන් නොවෙයිද? දශක තුනක් තිස්සේ ඇදෙමින් තිබූ යුද්ධය ඔහු වසර තුනකින් අවසන් කළා.

ඒ වගේම ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වන නගර අතරට ඔහු කොළඹ නගරය රැගෙන ආවා. නව නාගරික ජීවන රටාවක් ඔහු මේ රටට හුරු කළා. 

ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ නියත ජයග්‍රහණය පිළිබඳව බිය වී සිටින මේ රටට සතුරු දෙස් විදෙස් බලවේග ගෙන යන ප්‍රචාරය වන්නේ ‘ගෝඨාභය හරි දරුණුයි’ කියන එක. නැති සුදු වෑන් මැව්වා ‘සුදු වෑන් ප්‍රබන්ධයක්’ හැදුවා. එතුමාට රෞද්‍ර ප්‍රතිරූපයක් හදන්නයි එහෙම කළේ. ගෙදර තිබුණු මාළු ටැංකියේ මිනීමෝරු හිටියා කියලා කටකතා හැදුවා. මමත් ඒ මාළු ටැංකිය දැක තිබෙනවා. එයත් තනිකරම ප්‍රබන්ධයක්. මෙවැනි විසකුරු කතාවලින් මේ රටේ ජනතාවගේ ඔළු කුරුවල් කරන්නයි මේ හදන්නේ.

‘අලියා’ යළි ආවොත් මේ රට තවත් ඉරාකයක්, ලිබියාවක් බවට පත් වන බව ඔබට වැටහෙනවා ඇති. එය වැළැක්වීමට නම් ජය ගත යුතු අභියෝග දෙකක් තිබෙනවා. පළමුවැන්න ඇමෙරිකන් හමුදාවන්ට මේ රටට ඇතුළුවීමට ඉඩකඩ හදා දෙන එක වැළැක්වීම. දෙවැන්න ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂයන් දිනවීමේ වගකීම අපේ දෙවුර මතට ගැනීම.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook