Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ වන විට බහුතර මන්ත්‍රී පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතුය වන මතයේ සිටින අතර සුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දිය යුතු බව කියා සිටින්නේ යයිද වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ආධාකරුවන් කිහිපදෙනකුද රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරියේදී කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දිය යුතු බවයි.
මෙම කණ්ඩායම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන්නක් බව වාර්තා වෙයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ වූ එකඟතා ගිවිසුම් තුනකට එළැඹීමට අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කර ඇති බවයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ සිය ස්ථාවරය ප්‍රකාශ කරන්නට සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්ව මත එය තවත් දින කිහිපයකින් ප්‍රමාද කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements