Advertisement

ගුරුවරයෙකු විසින් අමානුෂික ලෙස පහර දීම නිසා තුවාල ලැබූ පාසල් සිසුවෙක් පිළිබඳ පුවතක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයෙන් වාර්තා වනවා. එම විද්‍යාලයේ සිංහල අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ආර්.දර්ශන නැමති මෙම සිසුවාට සැකකාර ගුරුවරයා විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන් බව එම සිසුවා ප්‍රකාශ කර ඇති අතර හැටන් පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
පසුගිය 11 දින එම විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාගේ පිට කොන්දට , දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහර දි ඇති බව සඳහන් වන අතර පහර දිමෙන් තුවාල ලැබු සිසුවා දැඩි වේදනාවෙන් නිවසට පැමිණ දෙමවුපියන්ටද ඒ පිළිබඳව නොකියා සිසුවා පාසල් නොගොස් අසනිප තත්ත්වයෙන් නිවසේ රැදි සිටිම පිළිබඳව සැක සිතු එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් ඒ පිළිබඳ විමසිමේදි සොහොයුරා ඇද සිටි කමිසය ගලවා තමන්ට විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් පහර දුන් බවත්, තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බව පැවසු බව එම සිසුවාගේ සොහොයුරිය වන ආර්.මලර් සඳහන් කරනවා.

ඒ අනුව පහර කෑමෙන් තුවාල ලබා දැඩි වේදනාවෙන් සිටි පාසල් සිසුවා එම සිසුවාගේ පියා විසින් 14 වන දින රාත්‍රි දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මුලික රෝහලේ පොලීසිය විසින් හැටන් මුලස්ථාන පොලීසිය වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ සිසුවාට පහර දිම නිසා ශරිරයේ ස්ථාන 8ක පමණ තැලිම් සහ තුවාල සිදු වි ඇති බවයි.

කෙසේ වෙතත් හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම ගුරුවරිය කියා සිටියේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදිම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරිම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවෙකු බවත්, පසුගියදා එවැනිම සොරකමක් සිදුකිරිම සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාව යහමගට ගැනිමේ චේතනාවෙන් අවවාද කොට වේවැලකින් පහරවල් කිහිපයක් ගසා ඇති බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements