Advertisement

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමේ මන්ත්‍රීධුර අහෝසි කිරීමේ අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වනු ඇතැයි ජනාධිපති කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තුවට තේරී පත්වූ පක්ෂයෙන් ඉවත්ව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම නිසා මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීදූරය මෙන්ම විපක්ෂ නායක දූරයත් අහිමි වීමට ඉඩ ඇත.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන නිසාත් 2015 අගෝස්තු එජනිස සංයුතිය අනුව පොහොට්ටුවේ සාමාජිකයෙකුට එජනිස මන්ත්‍රීදූරයක් දැරීම ව්‍යවස්ථානූකූලව අවස්තාවක් නැත.

මේ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් පවසා තිබිණි.

ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පසුබට නොවන බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා සිටියේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන පවසා ඇත.

මේ අතර, මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී ඇති බවත් ඉදිරියේදී කථානායකවරයාටද දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මුජුබර් රහුමාන් පවසා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements