Advertisement

"මගේ දරුවාට මොකක්ද වුගේ කියලා මට තවම හීනයක් වගේ. මට මගේ ලොකු පුතා නැති වුණා. මගේ පුතා හිනා වෙන හැටි මට මැවිලා පේනවා. මට ඉවසගන්න බැහැ. මට මගේ දරුවා ඕනෑ යැයි පැවසූයේ කටුලන පුවක්ගස් ආර ප්‍රදේශයේ ඉකුත් 19 දා ඝාතනයට ලක්වූ බව කියන නදුන් ගන්දසර නම් දහතුන් හැවිරිදි දරුවාගේ මව වන බී.එම්.ඉන්ද්‍රානි මහත්මියයි. 

කටුවන පුවක්ගස් ආර ප්‍රදේශයේ නිවසක කාමරයක ජනේලයේ ගැටගසා සිටියදී 13 හැවිරිදි නඳුන් නෙත්සර දරුවා ඔහුගේ මව විසින් සොයා ගත් අතර ඔහුගේ මව එදිනම කටුවන දිසා රෝහලට ඇතුලත් කළත් ජීවිතක්ෂයට පත් වී තිබුණා. 
පවුලේ වැඩිමල් දරුවා වූ නඳුන් මිය යන විට 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.

නඳුන් සොයා ගන්නා විට ඔහුගේ ගෙල තුවායකින් ගැට ගසා තිබී ඇති අතර සිද්ධිය ගැන සැක සිතූ කටුවන දිසා රෝහලේ වෛද්‍ය නිලධාරීන් මේ ගැන කටුවන පොලිසියට පැමිණිලි කර තිබුණා. පසුව ඇඹිලිපිටිය මහ රෝහලේ දී සිදු කළ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එය ගෙල සිර කිරීමෙන් සිදු කළ මරණයක් බව හෙළි වී තිබුණා.

පොලිස් සුනඛයෙක් යොදාගෙන සිදු කල පර්‍යේෂණ වල දී අදාල සුනඛයා අසල තිබූ නිවසකට ගමන් කර ඇති අතර එම නිවසේ සිටි 22 හැවිරිදි තරුණයෙක් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගිය නඳුන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද එම නිවසේ දී සිදු කල අතර ගම්වාසීන් විශාල පිරිසක් සහ නඳුන්ගේ පාසලේ සිසුන් විශාල පිරිසක් ද ඊට සහභාගී වී තිබුණා. 

මිය ගිය නඳුන්ගේ මව වන බී.එම්. ඉන්ද්‍රාවතී මහත්මිය තම වැඩිමල් දරුවාගේ වියෝව සම්බන්ධයෙන් මෙසේ පැවසුවා.

මම එදා ගෙදරින් යද්දි ලොකු පුතා බයිසිකලය හදමින් හිටියෙ. පොඩි පුතා එක්ක ගෙදර ළඟ කඩේකටයි මම ගියෙ. ඇවිත් පුතාව හෙව්වට මට හම්බවුනේ නෑ. කාමරේ ඉඳල මට පුතාව හම්බ වුනා. මගේ පුතාව පටියකින් ගැට ගහලයි හිටියෙ. මම කඩේට ගිහින් එන ටිකට මගේ පුතාට මේ අපරාධය කරල තියෙන්නෙ.

නඳුන්ගේ පියා ඩයස් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවා.

මම උදේ 8:20ට විතර වැඩට ගියා. නඳුන් පුතාගෙ අම්මා පොඩි පුතා එක්ක කඩේට ගිහින් තිබුණා. ඒ අය යද්දි නඳුන් පුතයි අත්තමයි විතරයි ගෙදර හිටියෙ. අත්තම්මා දර වගයක් ගේන්න ගිහින්. අම්මා ඇවිත් පුතාව හොයද්දි ඉස්සරහා කාමරේ ජනේලෙක ගැට ගහලා ඉන්නවා හම්බවෙලා තියෙනවා. දරුවාට සිහි නැති වෙලා කියල හිතල කටුවන ඉස්පිරිතාලෙට අරන් ගියත් පුතා ජීවිතෙන් සමු අරන්.

අපේ ළඟ ගෙදරක හිටපු කෙනෙක් පොලිස් අත්අඩංගුවට අරන්. එයා පදිංචි වෙලා ඉන්නෙ ඒ ගෙදර නෙමෙයි. ඒත් ඒ ගෙදරට එනවා. එයා කලින් අපේ ගෙදර ඇවිත් නෑ. එයා ආවම නඳුන් පුතා එක්ක සෙල්ලම් කරනවා. ඒ දෙන්නා අඳුනනවා. මම දන්නෙ නෑ මගෙ පුතාට මේ අපරාධ්‍ය කළේ කවුද කියලා. 

කටුවන වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්. ප්‍රේමරත්න මහතා මෙසේ පැවසුවා. 

නඳුන් පුතා ඝාතනය කළ බාව දැනගත් වහාම අපි නිවසට ආවා. එයාගෙ පන්තියෙ යාළුවො ගොඩක් දුක් වුනා එයාගෙ මරනය ගැන. එයා තමයි පන්තියෙ හිටපු අහිංසකම ළමයා. පාසලේ හිටපු කීර්තිමත් ළමයෙක් අපට නැති වුණා. ධර්මය අධර්මය වුන මිනිසුන් නොමිනිසුන් වූ සමාජයක් නිර්මානය වෙලා. මේ විදියට වියරු වුන සමාජයක් නඳුන් පුතාගෙ ගෙල සිර කළා. 

මේ කුඩා දරුවාගේ මරණයට වගකිවයුතු පුද්ගලයන් ට දඬුවම් ලැබිය යුතුයි. ඒ කවුදැයි සමාජයට හෙළි කළ යුතුයි. නඳුන් පුතා ඉල්ලූ ලෝකය හෙට දවසේ අනෙක් දරුවන්ට අප හදා දෙන්න කටයුතු කළ යුතු යය විදුහල්පතිවරයා ශෝක භරිතව සඳහන් කළා. 

තංගල්ල දිසා භාර පොලිස් අධිකාරී ගේ මෙහෙයවීම මත කටුවන පොලිසිය සිද්ධිය පිලිබඳ වැඩිදුර පර්‍යේෂණ මෙහෙයවනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements