Advertisement

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය ‌වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දොස්තර රාජිත සේනාරත්න මහතා රජය විසින් තමන්ට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 06ක් වටිනා ඉන්ධන කූපන් පත් යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙමින් අමාත්‍යධූරයෙන් අද දින (21) සමුගත්තේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මියට එම ඉන්ධන කූපන්පත් භාරදෙන ලදි.

මෙහිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවකයින් ඇමැතූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ යහපාලන රජය මෙරට සෞඛ්‍ය සේවාව ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවාවක් බවට පත් කිරිමට කටයුතු කළ බවයි. තමන් විසින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73ක මිල අඩු කිරිම, නොමිලේ අක්ෂි කාච සහ ස්ටෙන්ස් ලබාදීම ඇතලු රෝගී සත්කාරක සේවාවන් රැසක් දියත් කළ බව ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි සිහිපත් කළේය.

තමන් විසින් ආරම්භ කළ ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාව අලුතින් පත්විමට නියමිත සෞඛ්‍ය අමාත්‍යවරයාට කරගෙනයාමට සහයෝගය ලබාදෙන ලෙසද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරින් ඇතුලු කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. තවද සෞඛ්‍ය සේවාව විධිමත් කිරිම සදහා තමන්ට සහයෝගය ලබාදුන් සියලුම සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ස්තුතිය ද පුද කරන ලදි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements