Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායකත්වය ලබා නොදුනහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇත.

දැනටමත් එජාප නායකත්වය හෝ විපක්ෂ නායක ධුරය නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වෙනු ඇති බව එම කඳවුරේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම කටයුතු සඳහා දැනට මන්ත්‍රීවරු 30-35 ක පමණ පිරිසක් සමග එක්ව කටයුතු කරමින් සිටින අතර තවත් 10-15ක පිරිසක් ස්ථාවරයකින් තොරව සිටිති.

ඔවුන් සදහන් කරන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්ව ලක්‍ෂණ හීන පුද්ගලයෙකු බැවින් නැගී එන ප‍්‍රතිවාදී දේශපාලන කදවුර විරුද්දව සටන් කිරීමට ඔහු උපාය ශූරයෙකු නොවන බවයි.

මීළඟ මහ මැතිවරණය නව දේශපාලන ධාරාවකින් තරග කර විපක්ෂ නායක ධූරය ලබාගැනීම එම කණ්ඩායමේ මූලික අරමුණ වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements