Advertisement

මාතලේ කොටුවේගෙදර පදිංචි 50 හිවිරිදි තිදරුමවක වන ආර්. රම්‍යලතා මහත්මියට පසුගිය 08වන දා රාත්‍රියේ පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිහාල් සමරතුංග ඇතුළු තිදෙනෙකු ලබන 11වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතලේ වැඩබලන මහෙස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා ඊයේ (09) නියෝග කර තිබේ.

දඹුල්ල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ ජන රැලියට සහභාගි වී නැවත මාතලේ කොටුවේගෙදර ප්‍රදේශයට පැමිණ ඇති සැකකරුවන් එම එම මාතාවගේ නිවසටම පැමිණ පහරදී ඇති බවට මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සිද්ධියට සම්බන්ධ මාතලේ ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි ඇතුලු තිදෙනා ඊයේ (09) මාතලේ මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතලේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ මාතලේ කොටුවේගෙදර පදිංචි පොල්ගහමුලේගෙදර නිහාල් සමරතුංග, සරත් කුමාරතුංග සහ පොල්ගහමුලේගෙදර සුභසිංහ යන තිදෙනාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements