Advertisement

ජනාධිපතිවරණ සමයේ මැතිවරණ උපමාන සහ විධාන උල්ලංඝනය කර ඇති රාජ්‍ය ආයතන හයකට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාව නීතිමය පියවර ගැනීමට යයි.

මැතිවරණ පනත සහ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් මෙම රාජ්‍ය ආයතන කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

සමෘද්ධි සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව, ජාතික යතේජෝපකරණ ආයතනය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මෙසේ විධාන හා උපමාන උල්ලංඝනය කර ඇති බැවින් එම ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව මෙසේ නීතිමය පියවර ගැනීමට නියමිතය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු එම ආයතන බලධාරීන් විසින් අනියම් හා ආදේශක පත්වීම් ස්ථිර කිරීම, මැතිවරණ කාලසීමාව තුළ නව පත්වීම් ලබාදීම, දේශපාලන බලපෑම් මත ද්‍රව්‍ය ආධාර මෙන්ම ප්‍රතිලාභ බෙදාදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී එම වැරැදි සහ ඒවාට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් අතටම හසුකරගැනීමට හැකි වී ඇති බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කරමින් සිටින බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements