Advertisement

නව ජනාධිපතිවරයකු ද පත්ව ඇති මොහොතේ තවදුරටත් මුස්ලිම් විරෝධය පැතිරවීමෙන් නැති අර්බුද මතුවිය හැකි නිසා දැන් අපගේ බෞද්ධකම පෙන්වමින්, විනය තුළ පිහිටා මුස්ලිම් සමාජය සමඟ ප්‍රබුද්ධ සාකච්ඡාවකට පිවිසිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි. 

"නව ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා, ඒ ජනාධිපතිවරයා මුළු රටේම ජනාධිපතිවරයා. එතුමා ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙන අවස්ථාවෙදි ප්‍රකාශයක් කෙරුවා, මට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාගේම ජනාධිපතිවරයා හැටියට කටයුතු කරනවා මං කියලා. 

ඉතිං මේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් එක්ක තවදුරටත් අනවශ්‍ය විරෝධයක් හදාගෙන, ඒ මිනිස්සු හෑල්ලුවට ලක් කරන්න යාමෙන් නැති ප්‍රශ්න නැති අර්බුද මතුකරගන්නයි මේ හදන්නෙ. අපි සංවිධානයක් විදියට මුස්ලිම් සමාජයත් එක්ක නොයෙක් ප්‍රශ්න ඇතිවුණා. හැබැයි අපි අදත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා, අපි විරුද්ධ වුණේ අපේ රටේ ජීවත් වෙන ස්වදේශික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සුන්ට නෙවෙයි. ස්වදේශික මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවත් විනාශ කරමින් ගොඩනැඟුණු ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයට විතරයි අපි විරුද්ධ වුණේ. 

දැන් අපේ බෞද්ධකම පෙන්නමු. දැන් අපේ විනය තුළ ඉඳගෙන ප්‍රබුද්ධ සාකච්ඡාවකට මේ මිනිස්සුන්ට කතා කරමු. දැන් අපි ඉන්නෙ ඒ පිළිවෙතේ. ඒනිසා අපට දැන් බනියි ඔන්න කුට්ටියක් හම්බවෙලා ... ඔන්න ... හරී .... අපට ඒක අදාළ නෑ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

ඥානසාර හිමි මේ බව පැවසුවේ වයඹ පළාත් ආණ්ඩුකාර එම්. ජේ. එම්. මුසම්මිල් මහතාට එරෙහිව තම සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති බවට අන්තර්ජාලයේ සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව පැවසීම සඳහා ඊයේ (25) කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements