Advertisement

දෙසැම්බර් මස මුල සිට වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ හා සේවා බද්ද (VAT) අඩු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව භාණ්ඩ හා සේවා සඳහා අය කරන බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද මේ වනවිට 17% ක සීමාවේ තිබෙන අතර එය 08% ක සීමාව දක්වා අඩු කරන බවයි අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
වත්මන් රජයේ පළමු කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට අමතරව තවත් බදු කිහිපයක් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථ නිෂ්පාදන සඳහා අය කරන VAT හා ජාතිය ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මුල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද, ප්‍රාග්ධන ලාභ බද්ද, පොළී මත අය කරන බදු, ණය සේවා බදු ඇතුළු බදු කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව පසුගිය කාලසීමාව තුළ විවිධ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. එම කොමිසම ඉදිරි සති කිහිපය තුළ පත් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තවද විදුලි සංදේශ ගාස්තු 25කින් කපා හැරීමට තීරණය කර තිබේ. අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements