Advertisement

නිකිනි පුරපසලොස්වක පොහොය දිනයේ වැදගත්කම

සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා චිර පැවැත්ම සඳහා මහත් සේවයක් සැලසුනු පොහොයක් වශයෙන් නිකිණි පුර පසළොස්වක පොහොය සඳහන් කළ හැකිය. මහාවග්ග පාලියේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි සඳහන් වන අන්දමට භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් බුදුරදුන් විසින් පෙන්නා දී ඇත. එය පෙර වස හා පසු වස යනුවෙන් හැඳින්වේ. ඇසළ පුන් පෝදා භික්ෂූන් පොහොය කොට ඇසළ අව පෑළවිය දිනයේ වස් එළඹිය යුතුය. එය පෙර වස වශයෙන් දැක්වේ. නිකිණි පුන් පොහොය දා පෝය කොට නිකිණි අව පෑළවිය දා වස් එළඹීම පසු වස වශයෙන් සැලකේ.
සයිටම් ආයතනය රජයට පවරාගෙන නොමැති බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
අද වන විට රට පුරා වෙළඳසැල්වල රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් වල හිඟයක් ඇති ව තිබේ.
ජෙඩායි සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් සිටි තායිලන්ත එයාර් ලයින් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති නිසා කටුනායකට හදිසියේ ගොඩබා තිබෙනවා.
වෙළෙඳ පොලේ කල් ඉකුත් වු පාන් පිටි පරිප්පු ගෙනවිත් ඒවා නැවත සුද්ධ පවිත‍්‍ර කොට වෙළෙඳ පොලට විකිණිමේ මහා පරිමාණ ජවාරමක් කොටු කර ගැනිමට හෙම්මාතගම පොලිසියට හැකි විය.
හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයට අයත් දුම්බුළුවාව කොටේගොඩ ගම්මානයේ ඇතුලට වන්නට මෙම ස්ථානයක දැනට මාස තුනකට වැඩි කාලයක සිට මෙම ජවාරම සිදු කර ඇත. වැටලිමට සහභාගි වු පොලිසියට දැක ගත හැකි වුයේ කල් ඉකුත් වු ගුල්ලන් ගසන ලද පාන් පිටි හා පරිප්පු ගෙනවිත් යන්ත‍්‍රයක් සහ කම්කරුවන් යොදා ගෙන සකස් කරන ස්ථානයකුයි.
රාජ්‍ය නිලධාරීන්ගේ දීමනා කපා දැමීම – රාජ්‍ය සේවකයින්ට සිදුවන සෘජු බලපෑම කුමක්ද? 

2019 ජනවාරි 07 දින නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන අංක 18/2015(IV) මගින් පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට රු. 5000 ක ද, වසර 6 කට වැඩි සේවා කාලයක් සහිත දෙවන හා තුන්වන ශ්‍රේණියේ නිලධාරියෙකුට රු. 10,000 ක ශුද්ධ පාඩුවක් ද මෙම චක්‍ර ලේඛනය නිසා සිදුවේ. වසර 6 ට අඩු සේවා කාලයක් සහිත විධායක නිලධාරීන්ට රු. 12,000 ට වැඩි මුල්‍යමය පාඩුවකි. විශේෂ ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුට ශුද්ධ මුල්‍යමය පාඩුවක් නැත. 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කුමාරසිංහ සිරිසේන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට තුන් අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම දඬුවම නියම කළ අතර සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 3ක දඩයක් ද නියම කරනු ලැබුවාය.

2005 වසරේ මැයි මස පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා කාලසීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ රුපියල් 960000/- ක් වැයකරමින් වාහන තුනක් බදු ක්‍රමය යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළාය.

ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බව මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.
අද (01දා) සිට තම සංගමයට අයත් ත්‍රිරෝද රථවල ගාස්තුව අඩුකර රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.
ලබන ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව තුන 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට(01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි. 

එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

තුන 2016 චක්‍රලේඛයට අනුව අවස්ථා පහක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිතව තිබේ.

2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා ඇති අතර අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.


Get all the latest news and lanka gossip news and much more on gossip99.com
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (24) නියෝග කර තිබේ.

ඒ පසුගිය 18 වනදා අත්අඩංගුවට අද (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුවය.

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුකිරිමේ සිද්ධියකට අළාව පාඨලී චම්පික මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

එම රිය අනතුර සිදුවීමෙන් පසු පලා යාම, පොලිසියට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම, අධිකරණය නොමගයැවීම ඇතුළු චෝදනා ඔහුට විරුද්ධව ගොනු කර ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතා අද(19) පෙරවරු 9.15ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබිය.
නව රජය විසින් පනවා ඇති නව සුඛෝපභෝගී බද්ද පැනවීම නිසා වෙන් වාහන මිල ඉහල යාහැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
යහපාලන ආණ්ඩුව යටතේ අමාත්‍යවරුන් තිදෙනෙකු යටතේ පැවැති වරාය අමාත්‍යංශයෙහි මුල් අවුරුදු කිහිපයතුල මහා පරිමාණ වංචා හා දූෂණ ප්‍රමාණයක් සිදුව ඇති අතර ඒවා ක්‍රමයෙන් මේ වන විට හෙළදරව් වෙමින් පවතී. 
කොළඹ සිට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එරට විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊඒපී ව්‍යාපාර සමූහය, මූල්‍ය අර්බුදයකට මුහුණ පා තිබියදී ඔවුන් සතු මෙරට ප්‍ර‍මුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන 'ස්වර්ණවාහිනී' මාධ්‍ය ජාලය ඇතුළු වත්කම් වලින් කොටසක් මිලදී ගත් විදේශීය සමාගමේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සෘජු සම්බන්ධතා පවත්වන ලද පුද්ගලයන් බව රාජ්‍ය බුද්ධි අංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට හා ජනමාධ්‍ය අමාත්‍යංශයට දන්වා ඇති බව වාර්තා වේ.
රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාල සේවක ගානියා බැරිස්ටර් එළැඹෙන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
පැහැරගෙන ගොස් ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි චෝදනා කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම්දී තිබේ.
කලවාන ප්‍රදේශයේ සිතුවම් අදිමින් සිටි තරුණ කණ්ඩායමක පාසල් දරුවෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 13 වැනිදා මෙම අනතුර සිදුව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැද්දාගල පිරිවෙන පාර, වැලිවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ එච්.ආර්.ධනූෂ ලක්ෂාන් නැමති තරුණයෙකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements