Advertisement

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගැනීමෙන් පසුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බලය හිමි ආණ්ඩු පක්ෂය වශයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ජා කෙරෙන බවයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ. 
නව ජනාධිපතිවරයා හෙට දිනයේදී අනුරාධපුර රැවන්වැලි සෑය අභියසදී දිවුරුම් දීමෙන් අනතුරුව තව දුරටත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ සිටිනවාද එසේත් නැත්නම් විපක්ෂයේ අසුන් ගන්නවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගෙන නොමැති බවයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ අතර හෙට දිනයේදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට ආරාධනා ලැබී ඇති බවද මෙහිදී එම නිලධාරියා සඳහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements