Featured News

Video Gossip

Advertisement

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියාද නැතහොත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් ද යන්න සැක සහිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියි. කළේ මාතර දික්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි. 

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා බව කියනා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් මාධ්‍ය හමුවක් කැදවමින් අදාළ ගුවන්ගමන් බලපත්‍රය හා පුරවැසිභාවය අහිමි කළ බව කියනා සහතිකය ලෙස පෙන් වූ ඒවායේ දෝෂ ඇති බවත් එම පිටපත් මාධ්‍යවේදීන්ට ලබා නොදීම තුළින් මේ බව වඩාත් තහවුරු වන බවත් හෙතෙම සදහන් කර සිටි.

තවද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කර සිටියේ මහජනයා නොමඟ යැවීම සදහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් ජනාධිපති නීතිඥ අලී සබ්රිගේ බලපත්‍රය අහෝසි කළ යුතු බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:

"අලි සබ්‍රි ඒ පෙන්වපු පාස්පෝට් එකේ මොකක්ද ගහල තියෙන්නෙ. මිත්‍රවරුනි, එකේ ලොකුවට ගහල තියනව කැන්සල් කියන වචනය. ඒ කියන්නෙ අවලංගු කරන්න කියන ඒක. සාමාන්‍යයෙන් ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක පාස්පෝට් එකක් කැන්සල් කරන කොට 'කැන්සල්ඩ්' (CANCELLED )කියල ගහන්නෙ. 'කැන්සල්ඩ්' එකෙන් කියන්නෙ අවලංගු කරනා ලදී කියන එක. නමුත් මේ හොර අවලංගු සහතිකය නිර්මාණය කරපු නාමල් රාජපක්ෂගේ බයියන්ට එකවත් හරියට ගහගන්න බැරි වුණා. නිවැරදි වචනෙ වෙනුවට කැන්සල් (CANCEL) කියල යොදපු එකෙන්ම මේක බොරුවක් කියල රටට සනාථ වෙලා ඉවරයි.

ඒ විතරක් නෙමෙයි, ඇමරිකාවේ සහතික වල දිනය දාන කොට ඉස්සෙල්ලම දාන්නේ මාසය, ඊට පස්සේ දාන්නේ දිනය, අවසානයට අවුරුද්ද. නමුත් මේ සහතිකයේ දාල තියෙන්නෙ ලංකාවේ ක්‍රමයට මුලින් දවස දාල, ඊළගට මාසය හා අවුරුද්ද ලෙස දාල මැයි මාසයේ අවලංගු කරපු බව සදහන් කරල" තිබෙන බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements