Advertisement

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරයක රැලියක් මන්නාරම ප්‍රදේශයේ ඊයේ (10) පැවති අතර

ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දක්වා ඇත්තේ, අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගෙන මියගිය මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ මාමණ්ඩිය වන 'අලව්දීන් ජුවලර්ස්'හි හිමිකාර කෝටිපති ව්‍යාපාරික අලව්දීන් විසින් බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැති මෙම රැස්වීමෙන් අනතුරුව අලව්දීන් ඔහුගේ මන්නාරමේ පිහිටි නිවසට හිටපු ජනාධිපතිවරයා කැඳවා භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇතැයි එම වාර්තා සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් 21දා ක්‍රිස්තූස් වහන්සේගේ මරණයෙන් උත්ථානවීම සිහිපත් කෙරෙන පාස්කු දින දේව මෙහෙයන් පැවත්වෙමින් තිබූ අතරවාරයේ දිවයිනේ ස්ථාන හයකට ප්‍රහාර මාලාවක් එල්ල වු අතර බෝම්බකරුවන්ට බෝම්බ තැනීම සදහා තම තඹ කර්මාන්ත ශාලාවෙන් තඹ ලබා දී තිබුනේ අලව්දීන්ගේ බෑනා වන මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් බවට අනාවරණය වී තිබිණ.

අලව්දීන්ගේ එකම දියණිය වන ෆාතිමා ඉල්හාම් විවාහව සිටියේ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සමගය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අලව්දීන්ගේ දියණියගේ රහස් බැංකු ගිනුමක හදිසියේ ලැබුන රුපියල් කෝටි 20ක මුදලක් ද තිබී සොයාගෙන තිබිණ.

ඇමති රිෂාඩ්ගේ භාණ්ඩාගාරික !

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ දී ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරුන බෝම්බකරුගේ මාමණ්ඩිය වන කෝටිපති ව්‍යාපාරික අලව්දීන් අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් ගේ පක්ෂයේ සාමාජිකයකු බව කියමින්, එකී බෝම්බ ප්‍රහාරයෙන් පසුව විමල් විරවංශ මන්ත්‍රීවරයා මහත් ඝෝෂාවක් කළ අතර එය අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින්ට එරෙහිව ඉදිරිපත් කර තිබු විශ්වාස භංගයේ එක් චෝදනාවක් ද විය.

එසේ දැඩි විවේචනයට ලක්වූ අලව්දීන් මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 5කට වැඩි දඩ මුදලක් ගෙවීමට සිටින චුදිතයෙකු බවද වාර්තාවේ.

අලව්දීන් ගැන එස්.බී. කියපු කතාව !

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බද්දුර්දින් ඇමතිවරයාට චෝදනා කරමින් 2019 මැයි 09 දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ, පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ රිෂාඩ් අලව්දීන් නමැති ව්‍යාපාරිකයා බදියුදීන් මහතාගේ පක්ෂයේ භාණ්ඩාගාරික ධූරය හෙබවූ බවත් එම ව්‍යාපාරිකයාගේ දියණියක සිය දරුවන් දෙදෙනාත් සමග බෝම්බයක් පුපුරුවාගෙන මිය ගිය බවත්ය.
theleader.lk

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements