Featured News

Video Gossip

Advertisement

පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරයෙන් පසු අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සහ මාකඳුරේ මධූෂ් සහ කන්ජිපානි ඉම්රාන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වීම මත බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ජර්මනියේ නිෂ්පාදිත මෙරටදී මෙතෙක් හමුනොවූ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සමග අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිට පසුගියදා ඇප මත මුදාහැර සිටින වත්තල – මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම පොහොට්ටු පක්ෂයේ මාබෝල කොට්ඨාසයේ සංවිධායකවරයාද M.Z මොහොමඩ් රිස්වාන් නැමැත්තා මේ දිනවල එම ප්‍රදේශවල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැස්වීම් සංවිධානය කරමින් සිටින බව වාර්තා වේ.
තුන්පනේ මොහොමඩ් යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වන ලබන මොහු පසුගිය (2018) පළාත් පාලන මැතිවරණයෙදී වත්තල – මාබෝල නගර සභාවට මාබෝල කොට්ඨාසයෙන් ඉදිරිපත්වූ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයාද වන අතර ඔහු මේ වනවිටත් එම කොට්ඨාසයේ සංවිධායක වරයා ලෙසද කටයුතු කරයි.

මාබෝලෙ ආරච්චිගෙ වත්තේ ප්‍රදේශයේද මොහු විසින් ඊයේ (11) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැස්වීමක් පවත්වා ඇත.

වත්තල – මාබෝල නගරසභාවේ හිටපු සභාපති සහ පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) වත්මන් මන්ත්‍රී මෙන්ම විපක්ෂ නායකද වන මොහොමඩ් නව්ශාඩ් නැමැත්තාද මෙම රැස්වීමට සහභාගී වී ඇති අතර ඔහු පසුගිය පාස්කු ඉරිදා එනම් අප්‍රේල් 21 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මාබෝල සංවිධායකයා ලෙසද ඒ වනවිටත් කටයුතුකළේය. එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු එම සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මෙම මොහොමඩ් රිස්වාන් මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක (කාගෝ) හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements