Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අන්තර්ජාල මාධ්‍යයක් වෙත ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන අර්බුදයට විසඳුමක් ලෙස ඔහු මෙම තීරණය ගත් බවද සඳහන් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් ඇති කරන අර්බුදකාරී තත්ත්වයන් නිසා තමන් තවදුරටත් දේශපාලනයේ නිරත නොවීමට තීරණය කළ බව ද වික‍්‍රමසිංහ මහතා තව දුරටත් කියා තිබේ.

මේ අතර හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

ඉදිරි කාලයේ දී තමන් දේශපාලනයෙන් ඉවත් වී සංහිඳියාව සහ ජාතික සමගිය වෙනුවෙන් කැප වීමට සූදානමින් සිටින බව ඔහු සමීපතම පුද්ගලයන් සමඟ සඳහන් කර තිබේ.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම සවරවීර මහතාව දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබින.

මංගල සමරවීර මහතාගේ ඇතැම් ප‍්‍රකාශයන් මැතිවරණ ව්‍යාපාරයට දැඩි ලෙස අවාසි සහගත වූ බවද ඔවුන් චෝදනා කර ඇතැයි වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements