Featured News

Video Gossip

Advertisement



මින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි දේශපාලන අන්තර්ජාල පුවක් ‌සේවා දිගින් දිගටම පවසනු ලැබුවා.


ජාතික ගීය මින් පසු සිංහල බසින් පමණයි කතාව ‌බොරැවක්


ජාතික ගීය මින් පසු සිංහල බසින් පමණයි යන කතාව ‌බොරුවක් බව factcrescendo ‌වෙබි අඩවිය ‌කරයි.
ඒ් පිළිබදව ඔවුන් සදහන් කර ඇත්තේ් ‌මෙසේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිල ෆේස්බුක් ඇති සටහනට අනුව, එතුමාගේ සියලු නිල නිවේදන ජනාධිපති කාර්යාලයට අනුබද්ධිත මාධ්‍ය කාර්යාලයෙන් හෝ එතුමාගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලබන බව පැහැදිලිවම සඳහන් කර ඇත. ජාතික ගීය ගැයීම පිළිබඳව පිළිබඳ කිසිදු ප්‍රවෘත්තියක් එතුමාගේ නිල සමාජ මාධ්‍ය මගින් හෝ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් නිකුත් කර නොමැත.

කෙසේවෙතත් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා අප දුරකථනය මගින් ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධ වූ අතර අපට දැන ගැනීමට ලැබුණේ මෙබඳු කිසිදු ප්‍රකාශයක් ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කර නොමැති බවයි.

ඉහත ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වූ වාසුදේව නානායක්කාර මහතා පවසා සිටියේ මෙවැනි ප්‍රකාශ ජාතිවාදය ඇවිස්සීසවීමට ප්‍රතිවාදීන් විසින් සිදුකරන අමූලික බොරු බවයි. මෙවැනි ක්‍රියා මගින් ද්වී භාෂික ජනතාව ආණ්ඩුව වෙතින් තවදුරටත් දුරස් කිරීමට දරණ උත්සාහයක් බවද එතුමා තවදුරටත් පවසා සිටියා.


ආරක්ෂක රථ පෙළත් ගෝඨාභය ඉවත් කර ගනී


ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන සීමා කිරීමට ද ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සඳහා සැපයෙන ආරක්ෂක රථපෙළට ගිලන් රථයක් ද ඇතුළුව වාහන 15 ත් 20 ත් අතර ප‍්‍රමාණයක් ඇතුළත් වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව තීරණයට අනුව එම වාහන ගණන 02 කට හෝ 03කට සීමා කෙරෙනු ඇති.

කෙසේවෙතත්, සෙසු වාහන හැසිරීම සඳහා පොලිස් යතුරු පැදි කිහිපයක් ආරක්ෂක රථ සඳහා ඇතුළත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා. 

ජනාධිපතිවරයා සහිත රථ පෙළ ගමන් කිරීමේදී අදාළ මාර්ගය සෙසු වාහන සඳහා වසා තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නක්.

එහෙත්, එලෙස මාර්ග වසා දැමීම මින් ඉදිරියට සිදු නොකිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

සෙසු වාහන හැසිරවීම සඳහා පොලිස් යතුරුපැදි කිහිපයක් ජනාධිපතිවරයාගේ ආරක්ෂක රථ සඳහා ඇතුළත් කෙරෙන්නේද ඒ අනුවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements