Featured News

Video Gossip

Advertisement

පසුගිය සිකුරාදා නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අතර එය සාමාජිකයන් 15 දෙනෙකුට සීමා විය. ඒ නිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කලබල වූ අතර ඔවුන්ට ලැබුණු එකම සැනසීම වූයේ රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරු ලබාදෙන බව ප්‍රකාශ කිරීමයි. අද රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති තනතුරු ලබාදුන් අතර ඒ අනුව රාජ්‍ය ඇමතිවරු 35 කි. නියෝජ්‍ය ඇමතිවරු 03 කි. එහෙත් තවමත් ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් සිටින්නේ නොසන්සුන් බවකිනි, දැඩි කළකිරීමෙනි.

ඇමති දිවුරුමෙන් පසු කැලණියේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පොහොට්ටු කාර්යාලයට පැමිණියේ ආණ්ඩුවේ නායකයන්ට විවිධ ආඩපාලි කියමින් හ ඬා වැටෙමිනි. නියෝජ්‍ය ඇමති පට්ටමක් හෝ නොලැබීම නිසා ඔහු සිටින්නේ දැඩි කළකිරීමෙනි.

'අපි ලොක්කො වෙනුවෙන් පාර්ලිමේන්තුවෙදි රණවිරුවන්ටත් මිරිස් කුඩු ගැහුවා, යහපාලන ආණ්ඩුවෙ වැඩ කඩාකප්පල් කළා. අන්තිමට අපේ කට්ටියට ලොකු උනේ යහපාලන ආණ්ඩුවෙ ඇමතිකම් අරගෙන අපිට විරුද්ධව වැඩ කරපු උන්මයි.'


'කැලණිය ආසනේ නියෝජනය කරපු එක මන්ත්‍රී කෙනෙකුටවත් ඇමති කෙනෙකුටවත් කරන්න බැරිවෙච්ච දේවල් මම තනතුරුත් නැතුව කළා. කාටද පුලුවන් උනේ නාග ලෝකෙන් ධාතු වඩම්මන්න. මෙච්චර කාලෙකට හිටපු එකෙකුටවත් ඒක කරන්න බැරි උනා. ඒකත් උනේ මගේ ආනුභාවයට පිංසිද්ධ වෙන්න. ගෝඨාභය මහත්තයා රජ උනෙත් මම වඩම්මපු ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන්.'

'එහෙම කරපු මං අන්තිමට දෙකේ කොලේට දාලා. ඇමතිකම් 54 ක් දීපු එකේ මටත් ඔය මොකක් හරි නමට හරි දුන්න නං මොකද වෙන්නෙ. මෙච්චර කරපු මට අඩුගානෙ නියෝජ්‍ය ඇමති කට්ටක්වත් නෑ.'

'ආණ්ඩුව හදන්න මිරිස් කුඩු ගහපු, ධාතු වඩම්මපු මටත් මෙහෙම නං සලකන්නෙ මම තවත් වැඩිකල් ඉවසන්නෙ නෑ. බලමුකො ඊළඟ ඡන්දෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා. ඡන්දෙන් පස්සෙත් මට ඇමති කට්ටක් ලැබුනෙ නැත්තං, ධාතු ටිකත් අරන් මම යනවා යන්න, ලොක්කන්ට කුද ගහගන්න කියලා.' යනුවෙන් පැය ගණනක් තිස්සේ හඬා දොඩමින් සිටි ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පොහොට්ටු කාර්යාලයෙන් එළියට බැස ගියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements