Advertisement

මුදල් ඇමති ධූරය හැර වෙනත් ඕනෑම ඇමති ධූරයක් ලබාදීමට හැකි බවට රාජපක්ෂ පාර්ශවයෙන් තමන්ට පණිවිඩයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ. 

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කිරිබත්ගොඩ රෝයල් පාර්ක් අධිපතිවරයාගේ අවමංගල්‍යයට සහභාගී වූ අවස්ථවේ ඔහුගේ හිතවතුන් සමඟිනි. 

ජනාධිපතිවරණය පැවති සමයේදීම නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා දිමට ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ අතර ඔවුන් සමඟ එකතුවන ලෙසද ආරාධනා ලැබුණු නමුත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවද ෆොන්සේකා මහතා සඳහන් කර ඇත. 

එසේ වුවහොත් මුලින්ම අත්අඩංගුවට ගන්නේ ඔහුව බවට නැවත පණිවිඩයක් යැවූ බවයි ඔහු පවසා ඇත්තේ. 


රාජපක්ෂලා තමන්ගෙන් පළිගත් ආකාරය අමතක නැති අතර තමන්ගේ දරුවන් පවා ජීවත් වූයේ සැඟවී බව ඔහු කියා තිබේ. 

දැන් කුමන තත්ත්වයක් පැවතියද අනාගතයේදී ඔවුන්ට අවශ්‍ය පරිදි නීතිය හසුරුවන බවද ෆොන්සේකා මහාතා පවසා ඇත. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements