Advertisement


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ දිනයේ තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් ප්‍රසිද්ධ කරමින් ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කලහ.

එමඟින් ඇය කියා සිටින්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම තම පුද්ගලික කටයුත්තක් බවත් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමාට ඇත්තේ අපකීර්තිමත් මතකයක් පමණක් බවත්ය.

එමෙන්ම රණසිංහ ප්‍රේමදාස යුගයේ සිදු වූ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඇය එමගින් පැහැදිලි කර තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගෙන ඇය මෙසේ විරෝධතා දක්වමින් නිවේදනය නිකුත් කර තිබූ අතර ටී.එන්.එල්. රූපවාහිනිය සැලකිය යුතු ගතවන් කාලයක් වෙන් කර එය විකාශණය කිරීමට කටයුතු කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements