Advertisement

ආන්දෝළනාත්මක MCC ගිවිසුම හැකි ඉක්මණින් අත්සන් කිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන සිටින බවට පසුගිය දිනවල අතිශය කතාබහට ලක්විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති මංගල සමරවීර ඇතුලු ශ්‍රී ලංකා රජයේ නිළධාරීන්ද ප්‍රකාශ කළේ ජනපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කරන බවයි.
ඒ හේතුව නිසා මෙරට වියතුන් කණ්ඩායමක් එක්වී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයටත්, භූමී අයිතියටත් බලපෑම් කිරීම නවතන ලෙස ඉල්ලා අද උදෑසන ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට සංදේශයක් භාර දුන්නා.

මහා සංඝ රත්නය, කතෝලික පූජකතුමන්ලා, ප්‍රවීණ ජීව විද්‍යා ගුරු තිස්ස ජනනායක ඇතුලු වියතුන් කණ්ඩායමක් මේ අවස්තාවට එක්වී සිටියා. 

ඔවුන් මෙම සංදේශයෙන් ඉල්ලා ඇත්තේ මෙරට භුමී අයිතිය උදුරා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීම නවතන ලෙසටයි. සමස්ත ශ්‍රී ලාංකික ස්වදේශික ජනතාවම නියෝජනය කරමින් තමන් ඇතුලු කණ්ඩායම මෙම සංදේශය භාර දෙන බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප්‍රකාශ කරන්නේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාරයක් බවත්, ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් MCC ගිවිසුම අත්සන් කළ යුතු බවටයි.

මෙම සංදේශය භාර දීමෙන් පසුව එම කණ්ඩායම ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයකද නිරත විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements