Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සිටියදී සුදු වෑන් යොදා ජනතාව පැහැර ගත් බවට එම පැහැර ගැනීමට සම්බන්ධ රියදුරෙකු බව පුද්ගලයෙකු හා පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකු මාධ්‍ය හමුවක් අමතමින් අද කියා සිටියේය.

ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ එසේ පැහැරගන්නා ලද මිනිසුන් දත් ගැලවීම, නිය ගැලවීම, උල් ආයුධවලින් ඇනීම ආදී වද හිංසා කල බවයි.
පසුව මරා දමන බවත් එම පුද්ගලයන් බඩ කපා කිඹුලන්ට කෑම සදහා වැවකට දැමූ බවත් ඔහු සදහන් කලේය.

මාධ්‍ය හමුවට සහභාගි වූ තවත් පුද්ගලයෙකු කියාසිටියේ ප්‍රභාකරන්ගේ සල්ලි කොළඹට ගෙන ආවේ තමන් බවත් එම සල්ලි දුන්නේ නැතැයි කියා තමන් පැහැර ගැනීමට ලක් වූ බවය.

මෙම පැහැරගැනීම්වලට පොලිසිය, හමුදාව ඇතුළු ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් සිදු කල බවද ඔවුහු පැවසූය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements